එජාප මන්ත්‍රීවරුන් තිදෙනෙක්‌
කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් ඉවතට ?


පියසේන දිසානායක

එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනකුගේ (3) කෘත්‍යාධිකාරි හා දේශපාලන මණ්‌ඩල සාමාජිකත්වය අහෝසි කරන ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා ඉදිරිපත්ව තිබෙන බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

මෙම මන්ත්‍රීවරු තිදෙනා එක්‌සත් ජාතික පක්‍ෂයේ රහස්‌ පිටට ලබාදෙමින් ඔවුන් නියෝජනය කරන ප්‍රදේශවල මහජන නියෝජිතයන් පවා නොමඟ යෑවීමට කටයුතු කර තිබෙන බැවින් ඉහත තනතුරුවලින් ඉවත් කළ යුතු බවට එම පක්‍ෂයේම ප්‍රාදේශීය ක්‍රියාකාරීන් පිරිසක්‌ මෙලෙස යෝජනා කර තිබෙන බව එම ප්‍රකාශකයා කීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සමගිය බිඳ දමමින් කාලයක සිට පක්‍ෂයේ විනය කඩකරමින් සිටින බව කියන මෙම මන්ත්‍රීවරු තිදෙනා සම්බන්ධව ඉදිරි සති දෙක ඇතුළත පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වා ඔවුන් කෘත්‍යාධිකාරී මණ්‌ඩල හා දේශපාලන මණ්‌ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v