ඌව පළාත් නව ඇමැතිවරු 20දා  දිවුරුම් දෙයි

අනුර බාලසූරිය

ඌව පළාත් නව ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා ඇතුළු ඇමැති මණ්‌ඩලය ලබන 20 වැනිදා පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙනු ඇත. මහ ඇමැති ධුරයට අමතරව ඇමැතිවරු සිව්දෙනකු පත්කෙරෙන අතර එම ඇමැති ධුරවලින් තුනක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයටත්, අනෙක්‌ ඇමැති ධුරය මොණරාගල දිස්‌ත්‍රික්‌කයටත් ලබාදෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට අමතරව පළාත් සභාවේ සභාපති ධුරය හා උප සභාපති ධුරය දිස්‌ත්‍රික්‌ දෙකෙහි නියෝජිතයන් දෙදෙනකුට ලබාදෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

දිවුරුම් දීමේ උත්සවයට සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරු හා පළාතේ මැති ඇමැතිවරු සහභාගිවනු ඇත.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v