උතුරේ ඡන්ද නාම ලේඛනයේ අක්‍රමිකතා රැසක්‌

රනිල් ධර්මසේන

දශක ගණනාවක සිට උතුරු පළාතේ ඡන්ද හිමි නාම ලේඛන අලුත් නොවීම නිසා දැනට පදිංචි ප්‍රමාණයට වඩා සියයට 40 කට වැඩි ඡන්ද දායකයන් ප්‍රමාණයක්‌ ලේඛනවල පවතින බව මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම් පවසති. පසුගියදා පැවැති යාපනය මහ නගර සභා මැතිවරණයෙන් ඒ බව තහවුරු වී ඇති බව එම කණ්‌ඩායම් පවසති. දශක කිහිපයක සිට පැවැති යුදමය වාතාවරණය නිසා ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය කර නොමැති අතර 1980 දශකයේ සකස්‌ කළ නාම ලේඛනයක්‌ මේ වනතෙක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් පමණක්‌ ග්‍රාම සේවා නිලධාරීන් මගින් නාම ලේඛනවලට ඇතුළත් කිරීම පමණක්‌ සිදුව ඇත.

පසුගියදා පැවැති මැතිවරණයේදී ඡන්ද දායකයන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේදී හතළිස්‌ අට දහසක්‌ පමණ ලිපිනයන්ට කිසිවකු නොමැතිව ඉතිරිව තිබිණි. මෙම වැරදි සංඛ්‍යාලේඛන නිසා පත්කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාවද නිවැරදි නොවන බව කැෆේ සංවිධානයේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය. පාර්ලිමේන්තු මැතිවරණයකදී ද දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් මන්ත්‍රී ධුර පත්වීම් අනුපාතයද වෙනස්‌ වන බව කීය. මෙම තත්ත්වය නිවැරදි කිරීමට නම් සියලු ජනතාව පදිංචි කිරීමෙන් අනතුරුව ඡන්ද හිමි නාමලේඛන ග්‍රාමසේවා මට්‌ටමින් ප්‍රතිශෝධනය කළ යුතු බව ද පසුව එම ලේඛනවලට අනුව මන්ත්‍රීධුර ප්‍රතිශතයද සකස්‌ කළ යුතු බව ද කීය. උතුරෙන් පිට පළාත්වල පදිංචිවීම, විදේශගතවීම, අධි ආරක්‌ෂිත කලාපවලින් ඉවත් කිරීම, ඡන්දදායකයන් සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇත.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v