ලන්ඩන් සටහන්

දිය් ගිලෙන දරුවා බ්‍රිතාන්‍ය දැරිය බේරා ගනී

ශ්‍රී ලංකාවේ කළුවාමෝදර හෝටලයක පිහිනුම් තටාකයක ගිලෙමින් සිටි වයස අවරුදු හතරක ශ්‍රී ලාංකික දැරියක එම හෝටලයේ නවාතැන් ගෙන සිටි වයස අවුරුදු නවයක බ්‍රිතාන්‍ය දැරියක්‌ බේරා ගත් බව බ්‍රිතාන්‍ය පුවත්පත් පසුගියදා වාර්තා කර තිබිණි.

කළුවාමෝදර "ඊඩන් රිසෝට්‌" හෝටලයේදී මෙම හපන්කම කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් සිටි නව හැවිරිදි යස්‌මින් ටිනොන් දැරියයි.

සිව් හැවිරිදි ශ්‍රී ලංකා දැරියගේ මව සහ හෝටලයේ කළමනාකරු ද යස්‌මින්ට ඔවුන්ගේ ස්‌තුතිය පළකර තිබිණි.

යස්‌මින්ගේ මව සහ පියා බ්‍රිතාන්‍ය පුවත්පත්වලට පවසා තිබුණේ ඇය කුඩා කල සිටම පිහිනීමට සහ ජීවිත ආරක්‌ෂාව ඉගෙන ගත්තත් ශ්‍රී ලංකාව වැනි දුර රටකදී දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවේ යෑයි ඔවුන් සිහිනෙන් හෝ නොසිතූ බවයි. එසේම දරුවන්ට පිහිනීම ඉගැන්වීමේ අවශ්‍යතාවය පිළිබඳවද ඔවුන් අවධාරණය කර තිබිණි.

යස්‌මින් පුවත්පත්වලට පවසා තිබුණේ ශ්‍රී ලාංකික දැරිය පිහිනීමට නොහැකිව දියේ ගිලෙනු ඇය දුටු විට වහා පැන ඇයව බේරා ගත් බවයි. බ්‍රිතාන්‍ය පුවත්පත් යස්‌මින් වීරවරියක්‌ ලෙස හඳුන්වා තිබිණි.

සුනිල් ප්‍රනාන්දු එංගලන්ත ක්‍රිකට්‌ පිලට

වයස අවුරුදු හැට දෙකක්‌ වන මයික්‌ සුනිල් ප්‍රනාන්දු එංගලන්ත වැඩිහිටි ක්‍රිකට්‌ කණ්‌ඩායමට තෝරා ගෙන තිබේ.

ලෙච්වර්ත් සහ හෙන්ලෝ ක්‍රිකට්‌ ක්‍රීඩා සමාජවලට මෙන්ම හාර්ට්‌ෆර්ෂයර් වැඩිහිටි ක්‍රිකට්‌ කණ්‌ඩායමටද ක්‍රීඩා කරන සුනිල් දක්‌ෂ මද වේග පන්දු යවන්නෙකි.

එංගලන්තයේ සංචාරයක යෙදෙන වැඩිහිටි ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සමඟ පැවැත්වෙන තරගයේදී සුනිල් එංගලන්ත වැඩිහිටි පිල නියෝජනය කරමින් ක්‍රීඩා කරයි.

සුජීව නිවුන්හැල්ල

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v