ඇමරිකානු ගුවන්තොටුපලකදී
ශාරුක්‌ ඛාන් අත්අඩංගුවට


ප්‍රකට නළු ශාරුක්‌ ඛාන් ඇමරිකාවේ නිවාර්ක්‌ ගුවනතොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පුරා පැය දෙකක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ඇත.

ශාරුක්‌ ඛාන් මේ අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා ඇමරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලයට මැදිහත්වීමට සිදුව තිබේ. ඉන්දීය තානාපති නිලධාරීන්ගේ මැදිහත්වීම නිසා අවසානයේ ශාරුක්‌ ඛාන් නිදහස්‌ කර ඇත.
ශාරුක්‌ ඛාන් ඇමරිකානු බලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කර ඇත්තේ ඔහුට මුස්‌ලිම් නමක්‌ තිබීම නිසාය.

ඉන්දියාවේ ඇමරිකානු තානාපති තිමොති රොම්මර් ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන බවයි.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v