2009 අගෝස්‌තු 17 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

"බලපෑම්වලට යටවී අවතැන්වූ ජනතාව මුදාහැරිය නොහැකියි"
වෙස්‌වලාගත් කොටින්
රැසක්‌ තවමත් සරණාගත කඳවුරුවල

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

කොටි ත්‍රස්‌තවාදීන් විශාල සංඛ්‍යාවක්‌ දැනට සාමාන්‍ය වැසියන් මෙන් වෙස්‌වලාගෙන උතුරේ සරණාගත කඳවුරුවල සිටින බවත් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම්වලට යටවී ඔවුන් මුදාහරිනු ලැබුවහොත් යළි රජයට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට පටන් ගනු ඇති බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ "දිවයින" ට පැවැසීය.

 


අඟුලාන ද්විත්ව ඝාතනයට එරෙහිව...

පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්වූ බව කියන අඟුලාන තරුණයන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ සිදුවිය. එම අවමඟුලට පෙර ප්‍රදේශවාසී තරුණයන් මේ කෲර ඝාතනයට එරෙහිව ගොළුමඩම මංසන්ධියේදී උද්ඝෝෂණයක්‌ පැවැත්වූ අයුරු. ඒ. පී. ආරියරත්න



යුද්ධය නිමාවට පත්වීමත් සමගින් ඓතිහාසික මඩු සිද්ධස්‌ථානයේ වාර්ෂික මහා මංගල්‍ය උළෙල පෙරේදා (15 දා) ලක්‍ෂ සංඛ්‍යාත සිංහල හා ද්‍රවිඩ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.වසර තිහක කාලපරිච්ඡේදයක්‌ තුළ මේසා විශාල බැතිමතුන් පිරිසක්‌ සහභාගි වූ මංගල්‍යය උළෙල මෙය වන අතර, කොළඹ නව අගරදගුරු අතිඋත්තම දේවධර්මාචාර්ය මැල්කම් රන්ජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුතුමන්ලාගේ සහභාගිත්වයෙන් පැවැති මංගල්‍යය මහා පූජාවෙන් අනතුරුව මරඳමඩු මෑණියන්ගේ ප්‍රතිමාව සිද්ධස්‌ථානය වටා සංචාරය කළ අයුරු.
ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ආයුධ අතට ගන්න එපා
ඒ යුගය දැන් අවසන්
මඩු මහා මංගල දේශනයේදී
අගරදගුරු හිමිපාණෝ කියති

"ආයුධ අතට ගන්න එපා. ඒවා පරිහරණය කළ යුගය අවසන් වී ඇතැයි පෙරේදා (15 වැනිදා) මඩු වන්දනා කඳවුරේ මහා මංගල්‍ය දේශනය පවත්වමින් අගරදගුරු අතිඋත්තම මැල්කම් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
 

 
 
  • දිගින් දිගටම ජනතාව කඳවුරුවල
    රඳවා ගැනීමෙන් වෛරය වැඩිවේ
    රනිල් වික්‍රමසිංහ
    ඔක්‌තෝබරයේ දී එළැඹෙන මෝසම් වැසි සමයත් සමග පුද්ගලයන් රඳවා තබා ඇති වන්නි කඳවුරු තුළ විවිධ ලෙඩ රෝග පැතිරී ගොස්‌ තවත් පවතින ප්‍රශ්න උග්‍ර වුවහොත් ඉන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය තවදුරටත් පලුදු වීමට ඉඩ ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
     
  • අද නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම බිඳවැටිලා
    අනුර කුමාර දිසානායක
    රජය කලක්‌ තිස්‌සේ අනුගමනය කරන ක්‍රියාදාමයන් නිසා නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම බිඳවැටී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

  

 
  • ඇතැම් විද්යුත් මාධ්‍ය සිංහල මර මරා කනවා
    රත්න ශ්‍රී විඡේසිංහ
    දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක්‌ හිරිකිතයක්‌ නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය.

  

 

 
  • ලංකාව නිසා ලෝක ධාතුවත් වෙනස්‌වේද?
    ශ්‍රී ලංකාව අද ලෝකයේ දුප්පත්ම රටවල් අතරට ගණන් ගැනෙන්නේ නැත. ලංකාව අද ගණන් ගැනෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක්‌ හැටියටය. එම නිසා අපට EBA ක්‍රමය යටතේ බදු සහන ලබාගැනීමට නොහැකිය. ලංකාවට බදු සහනයක්‌ ලැබී ඇත්තේ GSP+ යන නමින් ඉතා මෑතකදී එනම් 2006 ජනවාරියේ සිට ඇති කරන ලද නව බදු සහන ක්‍රමයක්‌ යටතේය. මේ GSP+ ක්‍රමය යටතේ බදු සහනය ලැබීමට පෙර ලංකාවට ලැබුණු සහනය වූයේ සාමාන්‍ය GSP ක්‍රමය යටතේ ලැබුණු සහනය පමණි. එනම් 10% ක පමණ බද්දක්‌ ගෙවා යුරෝපා සංගමයට අපනයනය කිරීමට හැකි වීමේ සහනයයි.

  


 
  • මීළඟ දකුණු ආසියානු වොලිබෝල්
    රන් පදක්‌කම ශ්‍රී ලංකාවට ගේනවා

    ඩිලාන්
    "පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉතිහාසයේ පළමු වතාවට අපේ පිරිමි සහ කාන්තා කණ්‌ඩායම් දෙකම අවසන් මහ තරග වරම් ලැබුවා. අපේ පිරිමි කණ්‌ඩායම ඉතිහාසයේ පළමු වරට පාකිස්‌තානය පරාජයට පත් කළා. ඉන්දියාවත් සමග අවසන් මහ තරගයේදී වට 4 ක්‌ දක්‌වා සටන් කරලයි අපි අනුශූරයන් බවට පත්වුණේ. එදා ශ්‍රී ලංකාව දිනාගත්තු රිදී පදක්‌කම මෙදා රන් පදක්‌කමක්‌ කරගන්න අපි බොහොම සැලසුම් සහගතව කටයුතු කරගෙන යනවා. අපි ඒ සඳහා ක්‍රම වේද 2 ක්‌ ඔස්‌සේ ක්‍රියාත්මක වෙනවා. ඉන් එකක්‌ තමයි ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීම. කණ්‌ඩායමේ පුහුණුකරු අපෙන් ඉල්ලීමක්‌ කරල තියෙනවා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ජාත්‍යන්තර තරග අවස්‌ථා 3 ක්‌ ලබාදෙන්න කියලා. අපි ඒ ඉල්ලීම ඉටුකරන්න සූදානම්" යෑයි ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

  

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.