ආණ්‌ඩුව දේශප්‍රේමී නෑ!







ජවිපෙ දකුණු පළාත් සභාවේ
හිටපු මන්ත්‍රී කණ්‌ඩායම් නායක සිසිර කුමාර


පසුගියදා පැවැති ඌව පළාත් සභා මැතිවරණය හා දේශපාලනයෙහි උද්ගතව ඇති තවත් කරුණු රැසක්‌ පිළිබඳව ජවිපෙ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කණ්‌ඩායම් නායක සිසිර කුමාර සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - ඌව පළාත් සභා මැතිවරණය අවසන්. එම මැතිවරණයේදී ජවිපෙ අන්තපරාජයකට මුහුණදුන් බව රජය පවසනවා. ඒ පිළිබඳ ජවිපෙ මතය කෙබඳුද?

පිළිsතුර - ඌව පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණ කිසිදු අන්දමක පරාජයකට පත්වී නැහැ. විශේෂයෙන්ම මෑත කාලයේ තිබුණු අනෙකුත් පළාත් සභා මැතිවරණ එක්‌ක සංසන්දනය කරලා බැලුවාම ඌව පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යැමක්‌ දක්‌නට ලැබෙනවා. මෙහිදී අප විශේෂයෙන් දකින්නේ රජය හමුදාව ලබාගත් ජයග්‍රහණ තම පෞද්ගලික ජයග්‍රහණ ලෙස පාවිච්චි කරමින් රාජ්‍ය මාධ්‍ය, රජයේ මැර ක්‍රියා පාවිච්චි කරන අතරේ ජනතා විමුක්‌ති පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය ඉතා ඉහළයි. ඒත් එක්‌කම මැතිවරණය තුළ කිසිදු නීතියක්‌ ක්‍රියාත්මක වුණේ නැහැ.

ඒ එක්‌කම මෙම පළාත් සභා මැතිවරණවලදී අපි දැක්‌කා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පක්‌ෂයක්‌ ලෙස පරාජයට පත් වෙලා. එය මීට කලින් බස්‌නාහිර පළාත් සභාව තුළත් අපි දැක්‌කා. එයම ඌව පළාත් සභාවටත් සිදු වෙලා තිබෙනවා. මෙම මැතිවරණ තුළ තාවකාලික ජයග්‍රහණයක්‌ හමුදාවේ නමින් ලබාගෙන ඇත්තේ රාජපක්‌ෂ සහෝදර සමාගම සහ පුත්‍ර සමාගම පමණයි. දකුණු පළාත් සභාව ජනතා විමුක්‌ති පෙරමුණට සුවිශේෂී පළාත් සභාවක්‌. ඉතිහාසයේ ජනතා විමුක්‌ති පෙරමුණ මර්දනය කරලා, ජනතා විමුක්‌ති පෙරමුණ අවසන් කියලා ප්‍රකාශය නිකුත් කළ සැණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්‌ දීපු ප්‍රදේශයක්‌ දකුණ. ඒත් එක්‌කම ජනතා විමුක්‌ති පෙරමුණට ප්‍රාදේශීය සභාවක ප්‍රථම වතාවට බලය හිමිකර දුන්නේ දකුණේ ජනතාව. ජනතා විමුක්‌ති පෙරමුණට සුරුට්‌ටු කඩයක්‌වත් කරන්න බෑ කියූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායකයන්ට පුළුවන්කමක්‌ තිබුණේ නැහැ අඩු ගණනේ දෙවැනි වතාවේවත් තිස්‌සමහරාම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී තිස්‌ස ඡන්ද වැඩි කරගන්න. දෙවැනි වතාවෙත් එක්‌ මන්ත්‍රී ධුරයක්‌ අපි තිස්‌ස ප්‍රාදේශීය සභාවේ වැඩිකර ගත්තා. එය ලංකාවේ ආදර්ශවත්ම ප්‍රාදේශීය සභාව බවට පත් කරන්න පුළුවන් වුණා. ඒ වගේම අවුරුදු 17 ක එක්‌සත් ජාතික පක්‌ෂ පාලනය අවසන් කරන පළමු වෙඩිමුරය පත්තු කළෙත් දකුණේ. මෙවැනි දේශපාලන තීන්දු නිවැරදිව ගත හැකි ජනතාවක්‌ වෙසෙන දකුණෙන් වඩා ඉහළ ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒත් එක්‌කම හමුදා ජයග්‍රහණයෙන් දේශප්‍රේමී වෙස්‌ පැළඳි රාජපක්‌ෂ ආණ්‌ඩුවට එරෙහි ජනතාව පෙළගැස්‌වීමේ සටනේ හැරවුම් ලක්‌ෂ්‍යය බවට දකුණ පත් කරනවා.

ප්‍රශ්නය - ආණ්‌ඩුවේ පසුබෑමක්‌ ඇතැයි ජවිපෙ නිරන්තරයෙන් පවසනවා. නමුත් පසුගිය පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී එවැනි තත්ත්වයක්‌ දකින්නට නැහැ.

පිළිතුර - විශේෂයෙන්ම මෙහිදී අපි දකින්නේ රටේ ජනතාවගෙන් බහුතරයක්‌ ආණ්‌ඩුව සමග එකතු වෙලා ඉන්නේ මේ මොහොතේ ලැබුණු යුද ජයග්‍රහණත් එක්‌ක. නමුත් අපි දන්නවා එම දේශප්‍රේමී ජනතාව ජනතා විමුක්‌ති පෙරමුණ සමග ජනතා විමුක්‌ති පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා සිටි ජනතාවක්‌. නමුත් ආණ්‌ඩුව හමුදාව ලබාගත් යුද ජයග්‍රහණ තමන්ගේ තනි ජයග්‍රහණ ලෙස පාවිච්චි කරමින් සිටිනවා. සාමාන්‍ය ස්‌වාභාවය තමයි, ඒ මොහොතේ සාමාන්‍ය ජනතාව එම රජය දේශප්‍රේමී යෑයි සිතීම. නමුත් රටට ඇත්තට ආදරය කරන දේශප්‍රේමී ජනතාව ජවිපෙ අතහැර ගොස්‌ නැහැ.

ප්‍රශ්නය - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් රජය ලබාගත් ණය පිළිබඳ ජවිපෙ දරන අදහස නිවැරදි එකක්‌ නොවන බව ආණ්‌ඩුව පවසනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර - මේ මොහොතේ ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශාල ණය මුදලක්‌ ලබා ගෙන ණය වීම සම්බන්ධව උදම් අනමින් සිටිනවා. නමුත් මෙම ණය මුදල හරහා නැවත වටයකින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ණය බරින් පීඩාවට පත් කරනවා. ඒත් එක්‌කම මෙම ණය මුදල රටේ සංවර්ධනය සඳහා කිසිසේත්ම යොදවන්නට බැහැ. තවත් වටයකින් රටේ නිෂ්පාදනය බිඳ වැටීම සහ සේවා කප්පාදුව ඊට අමතරව ජනතාව මත බදු පැටවීම සිදුවෙනවා. ආණ්‌ඩුව ණය සමග කොන්දේසි කිසිවක්‌ නැතැයි කීවත් ණය ගැනීමට පෙර රජය පැත්තෙන් කොන්දේසිවලට එකඟ වී තිබෙනවා. විශේෂයෙන්ම 2011 වන විට විදුලි බල මණ්‌ඩලය පාඩු නොලබන ආයතනයක්‌ බවට පත් කරන බවට ආණ්‌ඩුව සහතික වී තිබෙනවා. විදුලි බල මණ්‌ඩලය පාඩු නොලබන ආයතනයක්‌ බවට රජයට පත් කළ හැක්‌කේ විදුලි ගාස්‌තු වැඩි කිරීමෙන්ම පමණයි. විදුලි ගාස්‌තු 2008 වසරේදී 35% කින් ඉහළ නංවා මෙයට පූර්වාදර්ශයක්‌ සපයා ඇති බව ආණ්‌ඩුව මූල්‍ය අරමුදලට යෑවූ ලිපියේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අනුව මෙම ණය මුදල හරහා රටේ කිසිදු සංවර්ධනයක්‌ අත්පත් කර නොගන්නා බව පැහැදිලියි. එමෙන්ම, රජය ආදායම් වැඩි කර ගන්නා බවත් වියදම් අඩු කරන බවත් පවසනවා. මෙම අසාර්ථක ආණ්‌ඩුවට ආදායම වැඩි කර ගත හැක්‌කේ බදු මගින් පමණයි. එමෙන්ම, වියදම් අඩු කර ගත හැක්‌කේ සේවා කප්පාදුවෙන් පමණයි.

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v