ජනාධිපති ලේකම් සමග අද විශේෂ සාකච්ඡාවක් සෞන්දර්ය අර්බුදයටජනපති මැදිහත් වෙයි ශිරාන් රණසිංහ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක නිරතව සිටින සෞන්දර්ය උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැදිහත් වේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් සහ රැකියා විරහිත උපාධිධාරීන් අතර අද (17 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වේ. සෞන්දර්ය උපාධිධාරීන් 1250 ක පමණ පිරිසක් ගුරු පත්වීම් ඉල්ලා ආරම්භ කර ඇති උපවාසයට මේ වන විට දින 14 ක් ගතවී ඇති අතර පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් අඛණ්‌ඩ උපවාසයකට යැමට සිදුවන බව රැකියා විරහිත සෞන්දර්ය උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පී. ඒ. එස්. මුතුකුමාරණ පවසයි. කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබාදෙන මෙම සාකච්ඡාව සාර්ථක ලෙස විසඳෙනු ඇතැයි තමන් තුළ විශ්වාසයක් ඇතැයි ද මුතුකුමාරණ මහතා කියා සිටියේය.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v