දිගින් දිගටම ජනතාව කඳවුරුවල රඳවා ගැනීමෙන් වෛරය වැඩිවේ
රනිල් වික්‍රමසිංහ

පියසේන දිසානායක

ඔක්‌තෝබරයේ දී එළැඹෙන මෝසම් වැසි සමයත් සමග පුද්ගලයන් රඳවා තබා ඇති වන්නි කඳවුරු තුළ විවිධ ලෙඩ රෝග පැතිරී ගොස්‌ තවත් පවතින ප්‍රශ්න උග්‍ර වුවහොත් ඉන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය තවදුරටත් පලුදු වීමට ඉඩ ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. දෙසැම්බර් මාසය නිම වීමට පෙර මෙම කඳවුරුවල සිටින ජනතාවගෙන් 80% ක්‌ නැවත පදිංචි කරවන බවට ජනාධිපතිවරයා සහ ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වී තිබුණත් මේ වන තුරුත් නැවත පදිංචිකර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්‌ හෙයින් ඔක්‌තෝබරයේ ඇරඹෙන මෝසම් වර්ෂාව පෙබරවාරි මාසය පමණ තෙක්‌ පවතින වාතාවරණය තුළ පුද්ගලයන් නැවත පදිංචි කරවීම දුෂ්කර වනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළේ පෙරේදා (15) පැවැති එක්‌සත් ජාතික පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන්ගේ පුහුණු වැඩමුළුවකදීය.

කොටි සංවිධානයට අයත් යෑයි සැක කරනු ලබන පුද්ගලයන් තවදුරටත් රඳවා තබා ගනිමින් ඔවුන් පිළිබඳ පරික්‍ෂාකාරී විය යුතුය යන ආරක්‍ෂක අංශවල නිගමනයට කවුරුත් කිසිවකු විරුද්ධ නොවනු ඇතැයි වික්‍රමසිංහ මහතා පැවැසීය. මූලික කරුණු මත පුද්ගලයන් 25,000 ක්‌ සැකයට භාජනය කරනු ලැබුවත් එසේ සැක කළ නොහැකි තවත් දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ සිටිය හැකි හෙයින් ඔවුන්ට කඳවුරුවලින් පිට වී සිය ගම්බිම් වලට ගොස්‌ පදිංචි වීමට ඉඩ නොදෙන්නේ ඇයි දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

එහෙයින් කුමක්‌ කරන්නේ දැයි පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලෙස ආණ්‌ඩුවට තමන් දන්වා සිටින බව ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා සංඛ්‍යාලේඛන

නිවැරැදිව ලබාදීමට හා මන්ත්‍රීවරුන්ට මේ කඳවුරු නිරීක්‍ෂණය කිරීමට ඉඩ සළසන ලෙස ඉල්ලා සිටියේය. ජනතාව නැවත පදිංචි කිරීම ප්‍රමාද කරමින් දිගින් දිගටම කඳවුරුවල රඳවා තැබීමෙන් සිදුවන්නේ ඔවුන් තුළ පවතින වෛරය වැඩිවීම පමණක්‌ බව ද විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v