අද නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම බිඳවැටිලා අනුර කුමාර දිසානායක අජිත් අලහකෝන් රජය කලක් තිස්‌සේ අනුගමනය කරන ක්‍රියාදාමයන් නිසා නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම බිඳවැටී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. මාලඹේ තොරතුරු තාක්‍ෂණ ආයතනයේ සිසුවකුට පහරදීම සහ අඟුලානේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම යන සිද්ධි දෙක සම්බන්ධව චෝදනා එල්ල වී තිබෙන්නේ පොලිසියට එරෙහිව බව ද එහෙත් ඒවා හුදෙකලා සිදුවීම් නොවන්නේ යෑයි ද කී අනුර කුමාර දිසානායක මහතා රජය කලක පටන් නීතියේ හා එහි විධානයේ ආධිපත්‍යය පසෙකලා කටයුතු කිරීමේ ප්‍රතිඵල මෙම සිදුවීම්වලින් පෙන්නුම් කරන බව ද කීය. ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගෙන්නේ නීති සමුදායක් හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන ද හඳුන්වාදීම තුළින් බව කී දිසානායක මහතා අද සිදුව තිබෙන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක පවත්නා නීතිය හා විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම වනසා දමා වනචාරී යුගයකට යැම බව ද ප්‍රකාශ කළේය. ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස යන මහත්වරු ද සහභාගි වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v