
පහ ශිෂ්‍යත්ව විභාගය 23
දා
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්‌තු 23 වැනිදා (ඉරිදා)
පැවැත්වේ. මෙම විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් විභාග
අපේක්‌ෂකයන් 2,24,818 ක්, දෙමළ මාධ්‍යයෙන් විභාග
අපේක්‌ෂකයන් 69,984 ක් ද පෙනී සිටීමට නියමිත බව විභාග
කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි. වවුනියාවේ
සුබසාධක කඳවුරුවල සිටින පාසල් සිසුන් 35 දෙනකු ශිෂ්‍යත්ව
විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. ඒ අනුව මෙම විභාගය සඳහා
පාසල් සිසුන් 2,94,802 දෙනකු දිවයින පුරා පිහිටි විභාග
මධ්‍යස්‌ථාන 2602 ක දී පෙනී සිටීමට නියමිත බව විභාග
කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි. |