
මඩු වන්දනාවේ ගිය
බැතිමතුන් රැසකගේ නිවාස හොරු බිඳිති
නාත්තන්ඩිය - රෙක්‌ස් හැරිසන්
මඩු පල්ලියට වන්දනාවේ ගිය බැතිමතුන්ගේ නිවාස 8 ක් පමණ
සොරුන් විසින් කොල්ලකා ඇති බවට පෙරේදා (15 දා) වන විට
මාරවිල පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
කටුනේරියේ නිවාස 3 ක්, මාරවිල නිවාස 3 ක්, මූදුකටුවේ
නිවාසයක් සමඟ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා සභාපති සනත්
පෙරේරා මහතාගේ නිවසටද සොරුන් අලාභ සිදු කර තිබිණි.
මඩු පල්ලි ගිය බැතිමතුන් සමහරු ඊයේ (16) වන විටත් පැමිණ
නොසිටි බැවින් තවත් සොරකම් සිදුවී ඇත්දැයි හෝ කොල්ලකෑ
නිවාසවල භාණ්‌ඩ හා මුදල් පිළිබඳව විස්‌තර පැමිණිළි වශයෙන්
ලබා ගැනීමට අපහසු වී ඇතැයි පොලිස් ප්‍රකාශකයෙක්
"දිවයින"ට පැවසීය. ශබ්ද විකාශන හා පත්‍රිකා මගින්
ආරක්‍ෂාවීම පිළිබඳව පොලිසිය කලින් දන්වා තිබිණි.
|