රුපියල් දහසකට දැරියක විකුණයි

ලලිත් චාමින්ද - ගාල්ල, එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල

ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ දී ප්‍රසූත කරනු ලැබූ දින හතරක්‌ වයසැති බිලිඳියක්‌ එම දැරියගේ මව විසින් රුපියල් දහසක මුදලකට රෝහලේ වාට්‌ටු ලිපිකාරිණියකට නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ලබාදීමේ සිද්ධියට සැකපිට මහමෝදර රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් දෙදෙනකු, ලිපිකාරිණියන් දෙදෙනකු හා තවත් පුද්ගලයකු ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (15) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙකී දැරියගේ මව බද්දේගම කරිබතාවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තියකි.

ඇය විවාහ වී සිටි සැමියා ඇය අතහැර ගොස්‌ ඇත. ඇය වෙනත් අයකු සමග අනියම් ඇසුරක්‌ පවත්වාගෙන ගිය සම්බන්ධයක්‌ නිසා මෙම දරුවා ලැබී ඇත. මෙකී තැනැත්තිය පසුගිය 09 වැනි දින මහමෝදර රෝහලේ දී දැරිය ප්‍ර්‍රසූතකොට ඇත. පසුව දරුවා හදා වඩා ගැනීමට නොහැකි බව කියා මෙම තැනැත්තිය විසින් දැරිය රුපියල් දහසකට රෝහලේ වාට්‌ටු ලිපිකාරිනියට ලබාදී ඇත. ලිපිකාරිනියගේ සැමියා අත්සන් කොට ඇය රෝහලෙන් දරුවා රැගෙන ගොස්‌ ඇත.

මෙකී දැරිය රැගෙන යැමට අනුබල දීමේ වරදට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හා තවත් ලිපිකාරිනියක්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙකී දැරිය හා මවද පොලිස්‌ භාරයට ගෙන ඇත.

ඊයේ (15) සවස මෙම පිරිස ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කීර්ති සිල්වා, මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක සතිස්‌ ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති ඒ. එම්. නානායක්‌කාර, ක.පො.සැ. 582 ශ්‍රියන්ත, ක.පො.සැ. 5467 ජයන්ති, ක.පො.කො. 1427 මානෙල්, පො.සැ. 27983 මුදලි, පො.සැ. 27702 තලහිටිය, පො.කො. 33075 ජයන්ත යන නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v