නෝර්වේ පොලිසිය කොටි නායක සිවපාලන්ගෙන් ප්‍රශ්න කරයි කීර්ති වර්ණකුලසූරිය නව කොටි නායකයා ලෙස පත්වී ඇති සිවපාලන් පෙරිම්පනායගම් හෙවත් තෙදියවන් නමැත්තාගෙන් නෝර්වේ පොලිසිය ප්‍රශ්න කර ඇතැයි ඔස්‌ලෝ නුවර ආරංචි මාර්ග (15) හෙළි කළේය. ප්‍රභාකරන් මෙන්ම දරුණු පුද්ගලයකු වූ තෙදියවන් තායිලන්තයේ පැවැති සාම සාකච්ඡාවලට සහභාගි වී ඇත්තේ වෙනත් නමකින් යෑයි තවදුරටත් අනාවරණය වී ඇත. නෝර්වේ හි කොටි අරමුදල් පාලනය කළ තෙදියවන් පසුගිය කාලය තුළ කේ.පී.ට එරෙහිව ක්‍රියාකර තිබේ. ලන්ඩනයේ කෝවිලක බලධාරීන්ට පහරදීමේ සිද්ධියකටද ඔහුව ලන්ඩන් පොලිසියට අවශ්‍ය වී ඇත. ඉතා ධනවත් අයකු වූ තෙදියවන් සම්බන්ධ සියලු තොරතුරු මෙරට බුද්ධි අංශවලට දැන් ලැබී තිබේ. තෙදියවන්ට නෝර්වේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීමට ඉඩදෙන්න බැහැ. ඔහුව මෙරටට බාරදෙන්නැයි අපි නෝවීජියානු බලධාරීන්ගෙන් ඉල්ලනවා යෑයි රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v