
ශ්‍රී ලංකාවේ නව
ඇමරිකානු තානාපතිවරිය පැට්‍රීෂියා බුට්‌නස්
සමන් ගමගේ
ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරිය ලෙස ඇමරිකානු රජය
මගින් එරට විදේශ සේවයේ අත්දැකීම් බහුල නිලධාරිනියක වන
පැට්‍රීෂියා බුට්‌නස් මහත්මිය පත්කර ඇත.
ඒ අනුව ඇය මෙරට ඇමරිකානු තානාපතිනිය ලෙස වැඩ බාර ගැනීම
සඳහා ලබන 28 වැනිදා මෙරටට පැමිණෙන බව තානාපති ආරංචි මාර්ග
සඳහන් කරයි.
මෙරටට පැමිණීමට පෙර ඇය පසුගියදා ඇමරිකාවේ ශ්‍රී ලංකා
තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා හමුවී සාකච්ඡාවක් ද
පවත්වා තිබේ.
කොටි ත්‍රස්‌තවාදය හේතුවෙන් අවතැන්ව සිටින ශ්‍රී ලංකාවේ
ජනතාව පිළිබඳ තමා විශේෂ අවධානය යොමු කරන බව එහිදී ඇය සඳහන්
කර ඇති අතර මෙරට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකාව
ලබාදෙන සහාය තමා අගය කරන බව එම හමුවේදී ඇමරිකාවේ ශ්‍රී
ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සඳහන් කර ඇත.
පැට්‍රීෂියා බුට්‌නස් මහත්මිය මීට පෙර ඉරාකය, පකිස්‌තානය,
ඉන්දියාව, එල්සැල්වදෝරය හා කොලොම්බියාව යන රටවල ඇමරිකානු
තානාපතිනිය ලෙස කටයුතු කර ඇති අතර මෙරට ඇමරිකානු තානාපති
ලෙස ක්‍රියා කළ රොබටෝ බ්ලේක් මහතා වෙනුවට ඇය ශ්‍රී ලංකාවේ
ඇමරිකානු තානාපතිනිය ලෙස පත්කර තිබේ. |