පියතුමන්ලාගෙන් බාධා එල්ල වීම නිසා
මඩු මංගල්‍යයට ගිය මාධ්‍යවේදීහු පිරිසක්‌ ඉවත්ව යති

දිනසේන රතුගමගේ මඩු පල්ලියේ සිට

වාර්ෂික මඩු මංගල්‍යය වාර්තා කිරීම සඳහා මඩු දේවස්‌ථානය වෙත ගොස්‌ සිටි දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන් හා මඩු දේවස්‌ථානයේ භාරකාර පියතුමන්ලා අතර ඇති වූ ආරවුලක්‌ හේතුවෙන් මාධ්‍යවේදීහු විශාල පිරිසක්‌ මඩු මංගල්‍යය වාර්තා නොකොට අතරමඟදී මඩු භූමියෙන් ඉවත් වූහ.

වාර්ෂික මංගල්‍යයට සහභාගි වූ විශේෂ අමුත්තන්ගේ ඡායාරූප ගැනීමට හෝ වෙනත් ස්‌ථානවල ඡායාරූප ගැනීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබුණු අතර මාධ්‍යවේදීන් 90 දෙනකු පමණ ඉතා කුඩා බිමක සිරකොට තැබීමට මඩු දේවස්‌ථානයේ පියතුමන්ලා පිරිසක්‌ ගත් උත්සාහය හේතුවෙන් එවැනි තත්ත්වයක්‌ උද්ගත විය.

අවසානයේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව අමාත්‍යවරයකුට කරුණු පැහැදිලි කළ අවස්‌ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "තමුසෙලා ඇවිල්ලා ඉන්නේ මඟුල් ගෙදරක ද, නෑ.....නෙ..... ඔක්‌කොම පින්තූර ඕන නෑ........ මංගල්ලෙ විතරක්‌ පින්තූර ගන්න....." යනුවෙනි.

මේ අවස්‌ථාවේදී මාධ්‍යවේදීන් සාකච්ඡා කොට මඩු මංගල්‍යය වාර්තා කිරීමේ කටයුතු වලින් ඉවත්ව ගියහ.

වාර්ෂික මඩු මංගල්ලය වෙනුවෙන් වවුනියාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මඩු දේවස්‌ථානයේ භාරකාර පියතුමන් ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන්ට කිසිදු අවහිරයකින් තොරව කටයුතු කිරීම සඳහා මඩු දේවස්‌ථානය තුළ පහසුකම් සලසා ඇති බවය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v