කොන්ද කෙලීන් තබාගෙන වැඩ කළ හැකි හොඳ පොලිස් සේවයක් අවශ්‍යයි එජාප මන්ත්‍රී රංගේ බණ්‌ඩාර සාධාරණ හා අපක්‍ෂපාතී මෙන්ම කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කළ හැකි පොලිස් සේවයක අවශ්‍යතාව දැන් ඇති වී තිබෙන බව පුත්තලම දිස්‌ත්‍රික් එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්‌ඩාර මහතා ප්‍රකාශ කරයි. පොලිසියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන ඒ මහතා එහි මෙසේද සඳහන් කර ඇත. අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනකු මරා දැමූ බවට අඟුලාන පොලිසියට චෝදනා එල්ල වී තිබේ. මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ සිසුවකු පොලිස් ජීප් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන් බවට පොලිසිය වෙත චෝදනා එල්ල වූයේ මීට සතියකට පෙරාතුවය. මේ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේදී පිළිපැදිය යුතු කිසිදු නෛතික ක්‍රියාදාමයක් අඟුලාන පොලිසිය විසින් ඉටු කර නොමැත. මාලබේ සිද්ධියේදීද සිදුවී ඇත්තේ එවැනිම දෙයකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් මේ සිද්ධීන් පිළිබඳ පවත්වනු ලබන අපක්‍ෂපාතී සහ කඩිනම් පරීක්‍ෂණ ගැන මාධ්‍ය හමුවේ අනේක විධ ප්‍රකාශ කරති. ඒවා අතීතයට පාවී යන හුදු වචන ගොන්නක් පමණි. මෙවැනි සිද්ධීන් සිය දහස් ගණනක් මේ වන විට අතීතයට එක් වී හමාරය. පරීක්‍ෂණවලින් සොයා ගත් දෙයක් නැත. අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා නැත. මෙවැනි ක්‍රියාවන්ට වගකිවයුතු පොලිස් නිලධාරීන්ට හදිසියේම බෝම්බ වෑන් සහ මරාගෙන මැරෙන බෝම්බකාරියන් හමුවීම නිසා ඔවුන් වෙත එල්ල වුණු චෝදනා යටපත් වී ගිය අවස්‌ථාද තිබේ. කෙසේ වෙතත් මේ සියල්ලෙන් යළි යළිත් පිළිබිඹු වන්නේ සාධාරණ හා අපක්‍ෂපාතී පොලිස් සේවයක අවශ්‍යතාවයි. කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කළ හැකි පොලිස් සේවයක අවශ්‍යතාවයි. මේ අවශ්‍යතාව සාමාන්‍ය මහජනතාවට මෙන්ම යහපත් පොලිස් නිලධාරීන්ටද වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගෙන තිබේ. එම නිසා අසාධාරණයට ලක් වූ ජනතාවට තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ පැමිණිලි කිරීමට හා ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට බලය ලත් ඒකකයක් පිහිටුවීම ඉතා හදිසි කරුණක් වේ. 17 වන ආණ්‌ඩුක්‍රම සංශෝධනය ඔස්‌සේ ව්‍යවස්‌ථාදායක සභාව ක්‍රියාත්මක කොට ස්‌වාධීන කොමිෂන් සභා බලගන්වන මෙන් අප ඉල්ලා සිටින්නේ ඒ නිසාය. රණවිරුවන් දිවි පරදුවට තබා දිනා දුන් ජයග්‍රහණයන්ට මුවා වී රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස විනාශ කර දැමීමේ වැඩ පිළිවෙළට අපගේ බලවත් විරෝධය පළ කර සිටින්නෙමු.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v