
උතුරු නාවික ආඥපති
රියර් අද්මිරාල් ජයනාත්
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික ප්‍රදේශය භාර නව
ආඥපති වශයෙන් රියර් අද්මිරාල් ජයනාත් සිරිකුමාර කොළඹගේ
පෙරේදා (15 දා) වැඩ භාරගනු ලැබීය.
කන්කසන්තුරයේ පිහිටි උතුරු නාවික ප්‍රධාන මූලස්‌ථානයේදී
වැඩ භාරගත් රියර් අද්මිරාල් කොළඹගේ නව තනතුරට පත් කිරීමට
පෙර නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර ඉසීලිය.
උතුර සහ නැගෙනහිර නියෝජ්‍ය නාවික ආඥපති, බටහිර නාවික ආඥපති
ඇතුළු නාවික හමුදාවේ වගකිවයුතු උසස් තනතුරු රැසක් හෙබවූ
අත්දැකීම් බහුල නිලධාරියකු වන හෙතෙම සිය මුහුදු රාජකාරි
කාලයන්හිදී මුහුදු කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි ප්‍රහාර සහ
මෙහෙයුම් රැසකට නායකත්වයදී ජයග්‍රහණ ලැබූ නිලධාරියෙකි.
|