
ඇන්.ඇම්.සමරුව 22-23
දිනවල
යටියන්තොට - කේ. කේ. ඩී. රූපසිංහ
යටියන්තොට, හිටපු මන්ත්‍රීවරයකු හා ශ්‍රී ලංකාවේ මුදල්
ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයාව
සිටි දිවංගත ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ තිස් වැනි
ගුණ සමරුව මෙම 22 හා 23 යන දිනවල පැවැත්වේ.
22 දා පස්‌වරුවේදී බෝධි පූජා පිංකමක් ද, කෝට්‌ටේ නාග
විහාරාධිපති පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත හිමිපාණන් විසින්
පවත්වන ධර්ම දේශනාවක් ද පැවැත්වේ.
23 දා සාංඝික දානයක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව
ගුණානුස්‌මරණ කමිටුවේ සභාපති ආර්. එම්. රත්නායක මහතා
"දිවයින"ට පැවසීය. |