මඩු වන්දනාවේ ගොස්‌ ආපසු එමින් සිටි
වෑන් රියක්‌ ගසක වැදී ගිනි ගනී

5 දෙනෙක්‌ හලාවත රෝහලේ

කමල් ප්‍රියංකර මාදම්පේ පුත්තලම - හෙන්දුරුගොඩ

වාර්ෂික මඩු මංගල්‍යට සහභාගි වී ආපසු තම නිවෙස්‌ බලා යමින් සිටි පිරිසක්‌ රැගත් වෑන් රථයක්‌ පාරෙන් ඉවතට පැන පෙරළී ගිනි ගැනීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පස්‌දෙනකු හලාවත මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

පුත්තලම - කොළඹ මාර්ගයේ බත්තුලුඔය උඩප්පුව හංදියේදී ඊයේ අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව තිබිණි. අධික වේගයකින් පැමිණි වෑන් රථය පාරෙන් ඉවතට පැන ගසක වැදී සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇත.

රියෑදුරුට නින්දයැම හේතුවෙන් මෙම වාහනය අනතුරුට පත්වී ඇත. මීගමුව ප්‍රදේශයේ පිsරිසක්‌ මෙම අනතුරුට පත්ව ඇති බව පැවසේ. මුන්දලම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v