යාල ජල හිඟයට අලූත් දිය වළවල් 5 ක්‌

ජගත් කණහැරආරච්චි

යාල ජාතික උද්‍යානයේ පවතින ජල හිඟය මඟහරවා ගැනීම සඳහා පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැදිහත්වීමෙන් අලුතෙන් දිය වළවල් පහක්‌ නිර්මාණය කොට තිබේ.

මේ අතර රජයේ මැදිහත්වීම මගින් මැණික්‌ ගඟේ සිට දිගන්වල වැවට ජලය පොම්ප කිරීමේ වැඩසටහනක්‌ මේ දිනවල ක්‍රියාත්මක වන බව උද්‍යාන පාලක ඩබ්ලිව්. ඒ. ඒ. යූ. ඩී. ඉන්ජිත් මහතා අප කළ විමසීමකදී "දිවයින"ට පැවැසීය.

මේ දිනවල පවතින අධික නියං තත්ත්වය හේතුකොටගෙන යාල උද්‍යානයේ වැව් අමුණු හා දියවළවල් රැසක්‌ සම්පූර්ණයෙන්ම සිඳී ගොස්‌ තිබේ.

ඉකුත්දා යාල උද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්‌වූ පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නව දිය වළවල් 12 ක්‌ නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව "දිවයින"ට ප්‍රකාශ කළ අතර මෙසේ අලුතින් ඉදිවී ඇත්තේ ඉන් දිය වළවල් පහකි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v