දේශගුණය යහපත් වන තුරු සීගිරිය නැරැඹීමේදී ආරක්‍ෂිත කබා පළඳින්න සීගිරිය - සරත් එරමිණිගම්මන මේ දිනවල සිගිරිය ප්‍රදේශයේ පවතින තද සුළං හා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් නිරන්තරයෙන් සිංහපාදය අසල බඹරුන් ඇවිස්‌සී ඇත. කැටපත් පවුර දක්‌වා පමණක් සීගරිය නැරැඹීමේ පූර්ණ අවසරය ලබාදී ඇති බවත්, බඹරුන් ඇවිස්‌සීම වැඩි වශයෙන් පවතින වේලාවන්හි ආරක්‍ෂිත කබා පැළඳගෙන සීගිරිය නැරැඹීමේ පූර්ණ අවස්‌ථාව දෙස් විදෙස් සංචාරකයන්ට ලබාදී ඇති බවත් මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු සුමේධ කරුණාරත්න මහතා පවසයි. සීගිරියේ පවතින දේශගුණික තත්ත්වය පහව යනතෙක් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත්, සීගිරිය නැරැඹීමට පැමිණෙන දෙස් - විදෙස් සංචාරකයන් මේ පිළිබඳ දැනුවත් කර කැමති අයට පමණක් නැරැඹීමේ අවස්‌ථාව සඳහා ප්‍රවේශපත් නිකුත් කරන බවත් ඒ මහතා පැවැසීය. බඹරුන් ඇවිස්‌සී නොමැති වේලාවන්හි නැරැඹීමේ පූර්ණ අවසරය ලබාදී ඇති බවත්, බඹරුන් ඇවිස්‌සී සිටින අවස්‌ථාවන්හි මෙම සීමා කිරීම් නරඹන්නන්ගේ කැමැත්ත මත ආරක්‍ෂිත කබා පැළඳගෙන යැමට ඉඩ ප්‍රස්‌ථා ලබාදී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v