ලන්ඩන් ආර්ථික සමුළුවකට ඇමැති අමුණුගම යයි

ලන්ඩනයේ දී මේ සතියේ පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ ආර්ථික සමුළුවකට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නියෝජනය කරමින් රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි වේ.

ගෝලීය ආර්ථික අර්බුදය හා ඒ හමුවේ අසීරුවට පත් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සහන ලබාදෙමින් දක්‌වන ලද සහාය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. මේ සමුළුවට දියුණුවෙමින් පවතින රටවල තෝරාගත් නියෝජිත පිරිසක්‌ සහභාගි වෙති.

මෙය ලබන මස ලන්ඩනයේ පැවැත්වීමට නියමිත ජී. 20 රටවල ඇමැතිවරුන්ගේ සමුළුව සඳහා ප්‍රවේශය ලබාදෙන මූලික වටයේ සාකච්ඡාවකි.

එය බ්‍රිතාන්‍ය අගමැති ගෝඩ්න් බ්‍රවුන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

යුද ජයග්‍රහණයෙන් පසු රටවල් ශ්‍රෝණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිවිය යුතු නිසි තැන පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට ආචාර්ය අමුණුගම මහතා බලාපොරොත්තු වේ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v