පුත්තලමෙන් පැහැරගෙන ආ
අවුරුදු 2ක දැරිය රු.25000ට විකුණන්න තැත් කළ දෙදෙනා දැලේ

මාදම්පෙ කමල් ප්‍රියංකර


වයස අවුරුදු 02 ක දැරියක පැහැරගෙන විත් හලාවත ප්‍රදේශයේදී රුපියල් 25,000 ක මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනකු හලාවත පොලිසිය විසින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගන්නා ලදී. පුත්තලම ප්‍රදේශයේ පිහිටි මෙම දැරියගේ නිවසට ගොස්‌ නැවතී සිටි මෙම පුද්ගලයන් දෙදෙනා දැරිය පැහැරගෙන විත් හලාවත ප්‍රදේශයේදී ඇය විකිණීමට සූදානම් වී ඇත.

ඒ පිළිබඳව හලාවත විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පො. ප. ටී. මල්දෙණිය මහතාට ලැබුණු තොරතුරකට අනුව අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් හලාවත දිසා විනිසුරු මහෙස්‌ත්‍රාත් වී. සිවපාතසුන්දරම් මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 28 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇත. අධිකරණ නියෝග මත දැරිය පරිවාස භාරයට පත්කර ඇත.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v