මහ වැසි ඇදහැලීමෙන් වන්නියේ අවතැන් කඳවුරුවල
ජනතාව දැඩි අසීරුතාවක


මේ දිනවල ඇදහැලෙන්නට පටන්ගෙන ඇති මහා වැසි නිසා වන්නියේ අවතැන් කඳවුරුවල සිටින ලක්‍ෂයකට ආසන්න ජනතාව මහත් අසීරුතාවකට පත්වී සිටිති.

වවුනියාව මැණික්‌පාම් කඳවුරේ එක්‌ කොටසක තාවකාලිකව ඉදිකර ඇති කූඩාරම් හා වැසිකිළි වැසි ජලයෙන් යටවී අවට ප්‍රදේශය මඩ ගොහොරු බවට පත්වීම නිසා ඉඳුම් හිටුම් පමණක්‌ නොව ආහාර පිසීම මෙන්ම පිසූ ආහාර එහා මෙහා ගෙනයැමේ කටයුතුවලට ද බාධා පැමිණ ඇත.

වවුනියාව දිසාපති සී. එච්. එම්. චාල්ස්‌ මහත්මිය සඳහන් කළේ වැසි දිගටම පැවතුණොත් එම කූඩාරම්වල සිටින ජනතාව පාසල්වලට යවන බවයි. ඒ සඳහා සුqදුසු පාසල් කීපයක්‌ දැනටමත් හඳුනාගෙන ඇති බව ද ඇය කීවාය.පවතින දැඩි කාලගුණික තත්ත්වය අනාථ කඳවුරුවල සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ද බලපා ඇත.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v