කොටි පරදා අප ලැබූ ජය රැකගැනීමට
රට නිවැරැදි මාවතක ගමන් කරවිය යුතුයි
ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ

මහරගම - උදේනි චන්ද්‍රසිරි

ප්‍රභාකරන්ගේ මරණින් පසු රටට ලැබුණු ජයග්‍රහණය රැකගැනීමට නම් ආර්ථිකයේ නිසි මාවත හඳුනා ගනිමින් මේ රට නිවැරැදි මාර්ගයේ ගමන් කළ යුතු යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

එ මහතා එසේ සඳහන් කළේ මහරගම යොවුන් රඟහලේ පැවැති "දැය දිනවන ගමන" යන මැයෙන් ජාතික නිදහස්‌ පෙරමුණ සංවිධානය කරනු ලැබූ සම්මන්ත්‍රණය අමතමිනි. සංචාරක අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ද ගුණදාස අමරසේකර සහ සිරිල් වික්‍රමගේ යන මහත්වරුන් ද ඇතුළු විශාල සංඛ්‍යාවක්‌ රැස්‌වීමට සහභාගි වූහ.

තවදුරටත් කතා කරමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා රට පෙඩරල් කිරීම, බලය බෙදීම යන විජාතික බටහිර බලවේගවල සංකල්පීය මත කරපින්නා ගත් චන්ද්‍රිකාට, රනිල්ලාට, මිලින්ද මොරගොඩට එ අයගේ ගමන යැමට ජයසුන්දර හොඳ වෙන්න පුළුවන්. බැරි වෙලාවත් මේ මහත්තයා මියගියොත්, රටේ ආර්ථිකය ඉවරයි. එ හින්ද ආර්ථිකය බේරා ගන්නය කියලා බෙහෙත් හොයාගෙන ඇවිත් විජාතික බලවේග මෙයාව ජීවත් කරවන්නත් බැරි නැහැ.

දශක තුනකට නොවැඩි කාලයක්‌ පැවැති බෙදුම්වාදී කොටි ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයෙන් අපේ දේශය දැන් ගැලවීම ලබා තිබෙනවා. බොහෝ දෙනකු අපේක්‍ෂා නොකළ මේ විස්‌මිත ජයග්‍රහණය අප හිමිකරගනු ලැබුවේ කෙසේද? එය අදෘශ්‍යමාන බලවේගයක ප්‍රතිඵලයක්‌ ද? නැත්නම් ජනාධිපතිතුමාගේ "වාසනාව" නිසා ලැබූවක්‌ද? බොහෝ දෙනෙක්‌ කියන්නේ රණවිරුවන්ගේ කැපවීම, ජනතාවගේ සහයෝගය, තීරණ ගත හැකි ලේකම්වරයෙක්‌ පත් කිරීම නිසා මෙම සුවිශේෂ වූ ජයග්‍රහණය ලැබූ බවයි. මේ සාධකත් මෙම ජයග්‍රහණයට විශාල ලෙස දායකත්වයක්‌ ලබාදීල තියෙනවා. මේ කිසිවකින් ජයග්‍රහණයේ මූලික "රහස" අනාවරණය වන්නේ නැහැ. මේ මූලික රහස අනාවරණය කර නොගෙන මේ ජයග්‍රහණය තුළ නිවැරැදි අධ්‍යයනයක්‌ ලබාගත නොහැකියි. එ පිළිබඳ අවබෝධයක්‌ නොමැතිව ජාතිය ඉදිරියට පැමිණෙන සෙසු අභියෝග ජය ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ නැහැ. මොකක්‌ද මේ රහස.

අපේ රටේ ජාතික ප්‍රශ්නය විසඳීමේදී තෝරා ගැනීම් දෙකක්‌ පැවතුණා. මෙය නිපදවුණේ බටහිර රටවල ප්‍රාග්ධනය මතයි. මේ මතය කරපින්නා ගත්, එ මුදල් වලින් යෑපෙන දේශීය හා විදේශීය උගතුන්, විද්වතුන්, එමෙන්ම දේශපාලකයන් මෙම මතයේ ගොදුරු බවට පත්ව සිටියා. මොවුන්ගේ මතවාදය වූයේ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය නිසා මතුවී තිබෙන අභියෝගය ජය ගැනීමට නම් බලය බෙදන විසඳුම හැර වෙනත් විකල්ප විසඳුමක්‌ නොමැති බවය. එම විසඳුම උදාකර ගත හැක්‌කේ දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා මාර්ගයෙන් ඇති කරගන්නා වූ විසඳුමක්‌ මගින් මිස වෙනත් විකල්පයක්‌ නොමැති බවයි ඔවුන්ගේ මතය වූයේ. චන්ද්‍රිකා, රනිල් කොටි ත්‍රස්‌තවාදය විසින් එල්ල කර ඇති අභියෝගය විස¹ ගැනීමට බැලුවේ මේ සංකල්පය මත පිහිටායි. ගෝලීය අධිරාජ්‍යය විසින් නිර්මාණය කරන ලද මෙම සංකල්පය කරපින්නා ගත් නිසා චන්ද්‍රිකාට, රනිල්ට කොටි ත්‍රස්‌තවාදය ගැන නිවැරදි අවබෝධයක්‌ සහ එය පරාජය කිරීමේ නිවැරැදි මාර්ගය තෝරා ගැනීමේ හැකියාවක්‌ තිබුණේ නැහැ. මේ ප්‍රවාහය හමුවේ නිරතුරුවම ඔවුහු සෑම විටම අසාර්ථක නායකයෝ බවට පත් වුණා.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට පත් කෙරුණේ එ සංකල්පීය මතවාදයට පටහැනි මතවාදයක පිහිටා ගෙනයි. ඔහු ජනවරම, ජනාධිපති වරණයේදී ලබාගන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ එකීයභාවය රැකීමටයි. බෙදුම්වාදී ත්‍රස්‌තවාදයට අභියෝග කිරීම සඳහා සාකච්ඡාමය හා මිලිටරිමය වශයෙන් පැවැති විසඳුමෙන් ජනාධිපතිවරයා තෝරාගනු ලැබුවේ දෙවැන්නයි. "බෙදුම්වාදය පරාජය කරමි. රටේ එAකීයභාවය රකින්නෙමි" යන ජාතිකවාදී දේශප්‍රේමී බලවේගයන්ගේ සංකල්පීය පදනම තම ජනවරමේ පදනම බවට ඔහු පත් කරගත්තා.

මේ පදනම මත පිහිටා කටයුතු කිරීම නිසා නියම සුදුස්‌සා නියම ස්‌ථානවලට පත් කළා. සුදුසු හමුදා නිලධාරීන් එ එ නිලවලට පත් කළා. ආරක්‍ෂක ලේකම්වරයා හැටියට සුදුස්‌සා පත් කළා. මෙම සංකල්පීය පදනම නොතිබුණු නිසා චන්ද්‍රිකාට නිවැරදි පුද්ගලයා නියම ස්‌ථානයට පත් කර ගන්න නොහැකි වුණා.

ලෝකයේම බලවත් සේනාංකයක්‌ ලෙස කිසිවකුටවත් පරාජය කළ නොහැකි යෑයි සිතා සිටි ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ මියගියේ බටහිර බලවතුන් හඬාවැටෙද්දී. මෙහිදී අපේ වීරෝදාර හමුදාව පරාජය කළේ කොටියා විතරක්‌ නොවෙයි, ලෝක අධිරාජ්‍ය බලවතුන්ගේ විදේශීය බලවේගයයි.

චන්ද්‍රිකාගේ කාලයේදී විජාතික බලවේගවලට යටවී දේශීය ආර්ථිකය විනාශ කළ, පුද්ගලීකරණයේදී මහා පරිමාණයේ ජාවාරම් කළ බවට අධිකරණයේ පවා චෝදනාවලට ලක්‌වී දඬුවම් ලැබූ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දරව නැවතත් එම තනතුරට ගේන්න උත්සාහ ගන්නවා. ආර්ථික යුද්ධයෙන් ජය ලබාගන්න එයා ගේනවාය කියන්නේ, වීරෝදාර රණවිරුවන් දිනාගත්ත සටන පාවා දීමක්‌.

කේ.පී. අත්අඩංගුවට ගත්ත දවසේ චන්ද්‍රිකා, මංගල නිදි මරාගෙන කල්පනා කරන්න ඇති අනේ මේ මොකද වුණේ, අපට ප්‍රයෝජනයක්‌ ගන්න හිතාගෙන හිටපු එකාට මේ මොකද වුණේ කියලා. අපේ හමුදාව අහසින්, ගොඩබිමින්, මුහුදින් විතරක්‌ නොවෙයි, ඔලුවෙනුත් යුද්ධ කරන්න දක්‍ෂයි කියන එක බටහිර ජාතීන්ට ඔප්පු කළා කේ.පී. ව අත්අඩංගුවට ගැනීමෙන්.

දේශප්‍රේමී පදනමේ හිටපු ජනතා විමුක්‌ති පෙරමුණ හිතුවේ මේ යුද්ධය දිනන්න බැහැයි කියලා. අධිරාජ්‍යවාදීන් එහෙම හිතුවාට කමක්‌ නැහැයි කියමුකෝ. නිවැරැදි පදනමක හිටිය ජ.වි.පෙ. එහෙම හිතීම ගැන කනගාටු වෙනවා.

ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසුව ජාතිකවාදී දේශපාලන බලවේග ඉදිරියේ පැටවී තිබෙනවා ඉතිහාසය විසින් අපට ලබාදුන්නා වූ ස්‌වර්ණමය අවස්‌ථාව අපේ මාතෘ භූමියට හිමිකර දෙන්න. මෙහිදී ද මතුවන කුමන්ත්‍රණකාරී දුෂ්ට බලවේග පරාජය කළ යුතුයි. ඉතිහාසය විසින් අපට පවරා දී තිබෙන "දැය දිනවන ගමන" රණවිරුන් විසින් දිනාගන්නා ලද ගෞරවාන්විත මාර්ගය ඔස්‌සේ ගමන් කිරීමයි අපට පැවරී තිබෙන කාර්යය. ශ්‍රී ලංකාව ආර්ථික, සමාජ, සංස්‌කෘතික වශයෙන් ඔසවා තැබීමේ මහා කාර්යභාරයට උරදීමේ වගකීමයි අප වෙත පැවරී ඇත්තේ. නූතන යටත්විජිතකරණ විරෝධී සටනේ මෙම දෙවන පරිච්ඡේදය සාර්ථකව අවසන් කිරීමට අප අසමත් වූවොත් මේ ලබාගත් ජයග්‍රහණය ආපස්‌සට හරවනු නොඅනුමානයි. එම නිසා මතවාදීවත්, දේශපාලන වශයෙනුත්, සමාජයමය සහ සංස්‌කෘතික වශයෙනුත්, දෙවන පරිච්ඡේදය සාර්ථකව විජයග්‍රාහීව නිමා කිරීම සඳහා නායකත්වය සැපයිය යුතුව ඇත.

අප කෙසේද මෙහි ජයග්‍රහණය ලබාගන්නේ...? නීතිය යහපාලනය නිවැරැදිව සිදුවන බව පෙනෙන්න ඕනේ. නීතිය කඩන නිලධාරීන්ට රැකවරණය ලැබේ නම් එය පරාජය කළ යුතුයි.

වෙන රටවල අධිවේගී මාර්ග ශ්‍රී ලංකාවේ හැදෙන්නේ හෙමින්. අද මාර්ග ඉදිවෙනවා. විශාල සංවර්ධන ව්‍යාපෘති ඉදිවෙනවා. හම්බන්තොට වරායත් හැදෙනවා. බටහිර ආර්ථික බලවතුන් විශාල ණය මුදල් දීලා අපේ රට බැඳ තබා ගන්නවා. උන්ගේම මිනිස්‌සු මෙහේ රැකියාවලට දානවා සංවර්ධනයේ මුවාවෙන්.

හම්බන්තොට වරාය ආර්ථික සම්පතක්‌. අපේ රටේ ණය ආධාරය ලබාගැනීමේ සංවර්ධන යෝජනාවලියේ හම්බන් තොට වරාය අඩංගු වෙලා තිබුණේ නැහැ.

මෙම යෝජනා සකස්‌ කරලා තිබුණේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්. ඔවුන් විසින් හිතාමතාම මේ යෝජනාව හලලා තිබුණා. චීනයෙන් ආධාර ලබාගැනීමේදී සාකච්ඡා කරන විටයි මෙය මතු වුණේZ. අපේ ජනාධිපති කියා හිටියා හම්බන්තොට වරාය ඉදිකිරීමට මූල්‍ය ආධාර නොලැබෙන්නේ නම් අනෙක්‌ සංවර්ධන යෝජනා සඳහා මූල්‍ය ආධාර අනවශ්‍ය බව. අවසානයේදී චීනයේ ජනාධිපතිතුමා හම්බන් තොට වරායට මූල්‍ය ආධාර ලබාදෙන්න ඉදිරිපත් වුණා. එහෙම නිලධාරීන් ඉන්න ස්‌ථානයකටයි උසාවියෙන් දඬුවම් ලැබූ ජයසුන්දරල වගේ අය මුදල් අංශයේ ඉහළ පුටුවක වාඩි කරවන්න හදන්නේ.

ආර්ථිකයේ නිසි මාවත පෙන්වා දෙමින් ඉදිරියට යැම දේශපාලන කාර්යයක්‌. දුබලතා පෙන්වා දිය යුතුයි. පහර ගැසිය යුතු තැන්වලට තදින්ම පහර ගැසිය යුතුයි. මේක සද්භාවයෙන් යායුතු ගමනක්‌. මේ ගමන යැමට අප පෙළ ගැසිය යුතුයි. නැත්නම් නන්දිකඩාල් කලපුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත්වීමෙන් අත්වූ ජයග්‍රහණය රටට අහිමි වෙන්න පුළුවන්.

ජාතික නිදහස්‌ පෙරමුණේ දේශපාලන මණ්‌ඩලයේ සභික සේනාරත්න සිල්වා මහතා -

තව වසර තුනකින් ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් තුන් ගුණයක කොටසක්‌ මුහුදු සීමාවෙන් අපේ රටට අයිති වෙනවා. ලෝකයේ කවර රටකටවත් මේ වාසිය ලැබිල නැහැ. අපේ රට ඉන්දියාවේ භූමි ප්‍රමාණයෙන් වර්තමානයේ 1/60 යි. තව වසර තුනකින් එය 1/3 ප්‍රමාණය බවට පත්වෙනවා. මේ අනුව විශාල ප්‍රදේශයක මාළු සම්පතත් අපට අයිති වෙනවා. මේ සම්පත කොල්ලකෑමට විදේශීය බලවේගවලට ඉඩ ලබා නොදිය යුතුයි.

පිළිගැනීමේ කතාව ජාතික නිදහස්‌ පෙරමුණේ පාලක ලේකම් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා ද, ස්‌තුති කතාව සංචාරක අමාත්‍ය නිදහස්‌ පෙරමුණේ ලේකම් නන්දන ගුණතිලක මහතා ද පවත්වනු ලැබූහ.

ජාතික නිදහස්‌ පෙරමුණ විසින් සම්පාදනය කරන ලද "දැය දිනවන ගමන" කෘතිය ද මෙහිදී එළිදක්‌වන ලදී.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v