ඉදිරි සති දෙක ඇතුළත
කිලිනොච්චියේ ප්‍රදේශ කීපයකට විදුලිය

ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න

උතුරු වසන්තය වැඩසටහනට සමගාමීව විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන උතුරු පළාතේ සෑම ගම්මානයකටම විදුලිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ පුනරීන්, පරන්තන්, වෙල්ලපල්පුලි, තුනුක්‌කායි නගරවලට ඉදිරි සති දෙක ඇතුළත විදුලිය බලය ලබා දීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

ත්‍රස්‌තාවාදී ප්‍රහාරවලින් විනාශ වූ උතුර පළාතේ විදුලිය බෙදා හැරීමේ සම්ප්‍රේෂණ පද්ධතිය, විදුලි උපපොළවල් සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බැවින්, ඉදිරි සති දෙක ඇතුළත වෙල්ලප්පුලි, තුනුක්‌කායි, පුනරීන්, පරන්තන් නගරවලට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්‌ඩලය පියවර ගෙන ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

උතුර පළාතේ සෑම නිවසකටම ඉදිරි වසර දෙක ඇතුළත විදුලි බලය ලබාදීම සඳහා රු. මිලියන 6000 ක වියදමින් ක්‍රියාත්මක කරන උතුරු විදුලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම නගරවලට තාවකාලිකව තාප විදුලි බලාගාර මඟින් විදුලිය ලබාදී පසුකාලීනව ජාතික විදුලි බල සම්පේෂණ පද්ධතිය තුළින් විදුලිය ලබාදීමට කටයුතු කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v