නරුමයන් පිරිසක්‌ අතින් අමානුෂික ලෙස ඝාතනයට ලක්‌වූ
අඟුලානේ තරුණයෝ එකට අවසන් ගමන් යති

"ජනාධිපති තාත්තේ...   අපේ මිතුරෝ කනත්තේ"
ඝාතකයන්ට එරෙහිව නිසි පියවර ගන්නැයි ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක

චමින්ද සිල්වා

අඟුලාන පොලිසියේ නිලධාරීන් කිහිපදෙනකු විසින් අමානුෂික ලෙස පහර දී වෙඩි තබා ඝාතනය කළ බව කියන එම ප්‍රදේශයේම තරුණයන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (16 වැනිදා) සවස මුළු ප්‍රදේශයේම ජනතාවගේ සෝසුසුම් මැද සිදු කෙරිණි.

මියගිය දිනේෂ් තරංග සහ ධනුෂ්ක අපොන්සු යන තරුණයන් දෙදෙනා ඥති සහෝදරයන් වූ අතර ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ප්‍රදේශවාසීන් පන්දහසකට අධික පිරිසක්‌ සහභාගි වී සිටියහ.

අවසන් කටයුතු සිදුකිරීමට මොහොතකට පෙර ධනුෂ්ක සේවය කළ රත්මලාන ගොළුමඩම අසල කායවර්ධන ආයතනයට මිතුරන් පිරිසක්‌ විරෝධතා පුවරු රැගෙන පෙළපාලියකින් තරුණයන් දෙදෙනා ඝාතනයට ලක්‌ වූ බව කියන අඟුලාන පොලිස්‌ ස්‌ථානය අසලට පැමිණ ප්‍රදේශවාසීන්ද සමඟ පොලිසිය ඉදිරිපිටට ගොස්‌ දැඩි විරෝධතාවයක නිරත වූහ.

එම සටන් පාඨ අතර "අහිංසක තරුණයන් ඝාතනය කළ පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු", "ජනාධිපති තාත්තේ අපේ මිතුරෝ කනත්තේ", "නාමල් අයියේ තාරුණ්‍යයට හෙටක්‌ කොයින්ද" ඇතුළු විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

එම විරෝධතා සමඟ කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ප්‍රදේශයේ ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා අධි පීඩන ජල බවුසරයක්‌, සන්නද්ධ කැරළි මර්දන පොලිසිය, පොලිස්‌ නිලධාරීන් මෙන්ම යුද හමුදාව ද සමඟ තුන්සියයක පමණ නිලධාරීන් පිරිසක්‌ යොදවා ප්‍රදේශයේ ආරක්‍ෂාව තරකිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

අනතුරුව ප්‍රදේශයේ දේශපාලනඥයන්, ප්‍රභූවරුන් සහ පොලිසිය එක්‌ව උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස සන්සුන් කොට එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්හ. මෙම අවස්‌ථාවේ වෙරළබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක්‌ ද උද්ඝෝෂකයන් විසින් මාර්ගය හරස්‌ කොට නැවැත්වීමට පියවර ගත් අතර එම දුම්රිය ද විනාඩි පහක්‌ පමණ ඇතුළතදී පිටත්කර හැරීමට පොලිසිය සාමකාමීව පියවර ගත්තේය.

මෙම අවස්‌ථාවට එක්‌වෙමින් විවිධ පක්‍ෂ නියෝජනය කරමින් දේශපාලනඥයන් කිහිපදෙනකු අදහස්‌ දැක්‌වූ අතර සවස 5.30 ට පමණ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු ප්‍රදේශවාසීන් සාමකාමීව විසිර ගියහ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v