අඟුලාන පොලිසියේ තවත්
කොස්‌තාපල්වරයකු අත්අඩංගුවට


චමින්ද සිල්වා

අඟුලාන පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු විසින් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුට පහර දී වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පොලිස්‌ කොස්‌තාපල්වරයකු ඊයේ (16 වැනිදා) ගල්කිස්‌ස පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අඟුලාන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු පොලිස්‌ කොස්‌තාපල්වරු සිවු දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටී.

ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ පොලිස්‌ කොස්‌තාපල්වරයා ද තරුණයන් අත්අඩංගුවට ගැනීමට ගොස්‌ ඇති බවට තොරතුරු ලැබීම නිසා මෙම පොලිස්‌ කොස්‌තාපල්වරයා ද අත්අඩංගුවට ගත් බව ගල්කිස්‌ස පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

අත්අඩංගුවට ගනු ලැබූ පොලිස්‌ කොස්‌තාපල්වරයා ඊයේ ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී හේමන්ත අධිකාරී මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ අධිකාරී එල්. සී. ගුණවර්ධන, මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ආලෝක බණ්‌ඩාර, සැරයන් (20943) සිසිර යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v