|
|
|
|

දකුණු පළාත් සභා
මැතිවරණයේදී එක්‌සත් ජනතා
නිදහස් සන්ධානය සියයට 80ක ජනබලයක් ලබාගන්නවා
හිටපු ප්‍රධාන ඇමැති ශාන් විඡේලාල් ද සිල්වා
ලලිත් චාමින්ද - ගාල්ල විශේෂ, එස්.
කේ. කළුආරච්චි - ගාල්ල
ඉදිරියේ පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී සියයට
අසූවක ජනතා බලයක් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය ලබාගන්නා
බැව් දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන්
විඡේලාල් ද සිල්වා මහතා පැවැසීය.
බද්දේගම, පෝද්දල, ඇල්ල ඉහළ ප්‍රදේශවල පැවැති රැස්‌වීම්
මාලාවක් අමතමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන්
කළේය. තවදුරටත් කතා කරමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ
ද පැවැසීය.
මේ රට, ජයග්‍රහණ ලබන යුගයක්. වසර තිහක් තිස්‌සේ විසඳීමට
නොහැකි වූ ජාතික ගැටලුවට විසඳුම් ලැබී තිබෙනවා. පසුගියදා
පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී එජාපය මැතිවරණ ඉතිහාසයේ
ලබපු දැවැන්තම පරාජය ලැබුවා. මෙවර දකුණු පළාත් සභා
මැතිවරණයේදී අන් සියලු පළාත් සභාවලට වඩා අපි ඉහළම
ජයග්‍රහණය ලබනවා.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් භූමිය තමයි දකුණු
පළාත. දකුණු පළාත් සභා මැතිවරණය එනතෙක් දකුණේ ජනතාව පුල
පුලා බලා සිටිනවා. ජනාධිපතිතුමාට උපහාරයක් වශයෙන් දකුණු
පළාත ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරවීමට. අද එ.ජා.ප.යට
අපේක්‍ෂකයන්වත් තෝරා ගැනීමට නොහැකි වී තිබෙනවා.
අපේක්‍ෂකත්වය ලබාදුන්නත් ඔවුන් ඉල්ලන්නේ නැහැ.
ජවිපෙ ගැන කතා කරල වැඩක් නැහැ. අද ජවිපෙ ස්‌වාධීන
කණ්‌ඩායමක තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඌව පළාත් සභාවේ
මන්ත්‍රීධුර හතක් තිබුණා. අද එය එක් මන්ත්‍රී ධුරයකට බැස
තිබෙනවා. දකුණු පළාතෙන් ද ඒ ප්‍රතිඵලන ලැබෙන බවට කිසිදු
සැකයක් නැහැ.
මා පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ධුරයට පත්වී ටික දිනකින්
සුනාමි සහන මණ්‌ඩලය ද කියා මොකක්‌දෝ අල්ලාගෙන ජවිපෙ
මන්ත්‍රීවරු විපක්‍ෂයට ගියා. පළාත් සභාවේ බහුතරය නැතිවුණා.
නමුත් වැදගත් කිසිදු අණපනතක් පරාජය නොවී අපි පළාත් සභාව
වසර පහක් ගෙන ගියා. විපක්‍ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කළා.
ඒ නිසා තමයි වසර පහක් දකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායකවරයා
වශයෙන් කටයුතු කළ ජස්‌ටින් ගලප්පත්ති මහතා සන්ධානයට
එක්‌වුණේ දකුණෙන් බිහි වූ රාජ්‍ය නායකයා වන මහින්ද
රාජපක්‍ෂ මහතාට කෘතගුණ දැක්‌වීමට දකුණේ ජනතාව සැදී පැහැදී
සිටිනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බද්දේගම සමිත හිමියෝ
මෙසේ පැවැසූහ.
පළාත් සභා පිහිටුවීමෙන් තමයි සංවර්ධනය ගමට ගියේ. කොළඹ
වීදුරු කාමරවල හිරවී තිබූ සංවර්ධනය ගමට ගමන් කළා. අද
යුද්ධය අවසන්වීම නිසා ජනතාවගේ අතේ සල්ලි නොගැවසුනත් හිතේ
සන්තෝෂයක් තියෙනවා. අද දකුණු පළාතේ අධ්‍යාපනය ඉහළ
තත්ත්වයක තියෙනවා. විශ්වවිද්‍යාලවලට යන සංඛ්‍යාව ඉහළයි.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා දකුණු පළාතේ අධ්‍යාපනය වෙනුවෙන්
සුවිශේෂ වූ කාර්යභාරයක් ඉටුකළා. ඉදිරි දකුණු පළාත් සභාව ද
පිහිටුවන්නේ එතුමාගේ නායකත්වය යටතේ.
මෙම රැස්‌වීම් මාලාව අමතා දකුණු පළාත් මාර්ගස්‌ථ මගී
ප්‍රවාහන අධිකාරියේ සභාපති ජනක ප්‍රියන්ත ඉලේසිංහ,
යක්‌කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර කුමාර,
උපසභාපති ආනන්ද වික්‍රමනායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී
උපාලි නාගොඩවිතාන යන මහත්වරුන් ද කතා කළ අතර මෙම අවස්‌ථාවට
විශාල පිරිසක් එක්‌ව සිටියහ.
|
|
|
|