ඇතැම් විද්යුත් මාධ්‍ය සිංහල මර මරා කනවා
රත්න ශ්‍රී විඡේසිංහ

බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක්‌ හිරිකිතයක්‌ නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

හබරාදූව අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ පැවැති මෙම සාහිත උත්සවයේ දී රෝහණ රන්සිළු සම්මානය ගුණදාස අමරසේකර ශූරීන්හට ලබාදීම සිදු කෙරිණි. එම සම්මානය පිරිනැමීම දකුණු පළාත් සභා ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අතින් සිදු විය.

වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ කළ රත්න ශ්‍රී විඡේසිංහ මහතා

සාහිත්‍යය යනු කලාවක්‌. මිනිසුන්ගේ හැඟීම් අවදිමත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා. මිනිසුන්ට ලබා දෙන කලා කෘතිය උත්තම හෝ අධම වන්නේ එහි ඇති මානව ගුණ දහම මතයි. යහපත් ගුණ ගරුක මිනිසුන් ජීවත් කරවීම බිහිකිරීම මෙහි අරමුණ වෙනවා. පිරිපුන් මිනිසකු බිහිවීම තුළ රට ලොව ගොඩ නැගිය හැකියි. රටේ සංවර්ධනය සඳහා ද සාහිත්‍ය කලාව ද යොදා ගැනීම කළ යුතුයි. එහිදී මානව සංවර්ධනය රටේ ජනතාව තුළ ඇති කිරීම තුළ අපට එකී බලා පොරොත්තුව ඉටු කළ හැකියි. සිංහල භාෂාව තරම් සුන්දර භාෂාවක්‌ ලෝකයේ නෑ. මේ නිසා අප අපගේ භාෂාව රැක ගැනීම සඳහා පියවර ගත යුතුව ඇතැයි ඒ මහතා කීය.

දකුණු පළාත් ආණ්‌ඩුකාර කුමාරි බාලසුරිය, දකුණු පළාත් හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, රෝහණ බැද්දගේ, කරුණාරත්න විඡේවර්ධන, දයාපාල ජයනෙත්ති, ගාමිණි කුමාර විතාන, දකුණු පළාත් සංස්‌කාතික අමාත්‍යංශයේ ලේකම් එම්. ඩබ්ලිව්. සිරිතිලක, විද්‍යාලයේ විදුහල්පති ආර්. ඒ කාරියවසම්, දකුණු පළාත් රෝමාණු කතෝලික සභාවේ අනුනායක නිහාල් නානායක්‌කාර පියතුමා, පූජ්‍ය රැකව අස්‌සජි යන ගිහි පැවිදි ආරාධිත අමුත්තෝද මෙම සාහිත්‍ය උත්සව සභාව ඇමතුහ.

දකුණු පළාත් සංස්‌කෘතික කණ්‌ඩායම, අහංගම ශාරිපුත්‍ර විද්‍යාලය දරු දැරියෝ දින තුනක්‌ පැවති දකුණු පළාත් මහා සාහිත උළෙල නැටුම්, ගැයුම්, වැයුම් මගින් රසවත් කළහ. සාහිත්‍ය ප්‍රදර්ශන කුටි, සාහිත්‍ය රසවින්දන වැඩ සටහන්, සංස්‌කෘතික සංදර්ශන ද මෙම සාහිත්‍ය කලා උළෙලට සමගාමීව පැවැත්විණි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v