|

දක්‌ෂ දරුවන් ආර්ථික අතින්ද
ශක්‌තිමත් කිරීමට
ඇරැඹූ "ශිෂ්‍ය සහන අරමුදල" රටට ආදර්ශයක්
ප්‍රධාන ඇමැති අතුල විඡේසිංහ
බිංගිරිය - සෝමසිරි ඒකනායක
අධ්‍යාපනය ලබාදී දැනුමෙන් සන්නද්ධ කිරීමෙන් නොනැවතී දැනුම
ලබාගත් දක්‌ෂ දරුවන් ආර්ථික අතින්ද ශක්‌තිමත් කිරීමට මෙම
විදුහල ආරම්භ කොට ඇති සද් ව්‍යාපාරය අනෙකුත් විදුහල්වලට
ආදර්ශයක් වනු ඇතැයි වයඹ ප්‍රධාන අමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය
නීතිඥ අතුල විඡේසිංහ මහතා පැවසීය.
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන
ලද "ශිෂ්‍ය සහන අරමුදල" මගින් විදුහලේ දක්‌ෂ එහෙත් ආර්ථික
අපහසුකම් ඇති දරුවන් වෙනුවෙන් පිරිනමන "ශිෂ්‍යත්ව වැඩසටහන"
ආරම්භ කරමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම ශිෂ්‍යත්ව ප්‍රණාම උළෙලේ දී පසුගිය අපොස උසස් පෙළ විභාගයේ
ගණිත අංශයෙන් දිවයිනේ සිව්වැනි ස්‌ථානය හා දිස්‌ත්‍රික්‌කයේ
ප්‍රථම ස්‌ථානය හිමි කරගත් දනුෂ්ක විඡේසිංහ වාණිජ අංශයෙන්
දිස්‌ත්‍රික්‌කයේ සිව්වැනි ස්‌ථානය හිමි කරගත් කුමාරි දසනායක
ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දක්‌ෂ සිසුන් දසදෙනකු හට ප්‍රථම වරට
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබීය.
විදුහල්පති ඒ. ඒ. ඩබ්. පතිරාජ මහතා අදහස් දක්‌වමින්, නිදහස්
අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදෙන එකම රට ලංකාවයි. ඒ
අනුව අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නද විද්‍යාව හා තාක්‌ෂණය සමග
අත්වැල් බැඳගෙන ඉදිරියට යන මේ ගමනේදී බොහෝ සිසු දරුවන් ආර්ථික
අපහසුකම්වලට නිරතුරුව මුහුණපායි. එහි ප්‍රතිඵලය වනුයේ උගත්
බුද්ධිමත් දරුවන් අතරමඟදී හැලීගොස් ඒ බුද්ධිය රටට අහිමි
වීමයි. මේ නිසා අධ්‍යාපනයෙන් ඔවුන් ශක්‌තිමත් කරන්නාක් මෙන්ම
ආර්ථික අත්වැලක්‌ද සපයනු ලැබුවහොත් මේ අධ්‍යාපන ක්‍රමය සපලවනු
ඇත. මෙය අධ්‍යාපන ක්‍රමයේ අනිවාර්ය අංගයක් විය යුතු මෙන්ම ඒ
සියල්ල රජයකට කළ නොහැක. එසේ හෙයින් ආර්ථික ශක්‌තියක් ඇති ආදි
සිසුන් දානපතියන් විදුහල වටා පෙළගැසීම එම විදුහල්වලට මෙන්ම
දක්‌ෂතා ඇති දරුවන්ටද ශක්‌තියක් වනු ඇතැයි පැවසීය.
ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ
ඒ. ඡේ. කරුණාසේන මහතා ඇතුළු කීප දෙනෙක්‌ම මෙහිදී කතා කළහ.
මෙහිදී ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය මත රැපියෙල් විඡේසිංහ
අනුස්‌මරණ ශිෂ්‍යත්වය, සී. පී, ඇන්තනි අනුස්‌මරණ ශිෂ්‍යත්වය,
බී.එම්.ජී.බී. බාලසූරිය අනුස්‌මරණ ශිෂ්‍යත්වය, ලෙස්‌ලි පෙරේරා
ශිෂ්‍යත්වය ඇතුළු ශිෂ්‍යත්ව කීපයක්‌ම ප්‍රදානය කරනු ලැබීය. |