|

ජල සම්පාදන මණ්‌ඩලයෙන්
කන්තලේ ජනතාවට කෙණෙහිලිකම්
කන්තලේ ඩබ්. ඇම්. වික්‍රමසිංහ
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය මගින් පාලනය වන කන්තලේ
සොබියා ප්‍රදේශයේ පිහිටි ජල පොම්පාගාරයේ කළමනාකරණයේ ඇති
දුර්වලතා නිසා කන්තලේ ප්‍රදේශවාසීන්ට මහත් කරදරයකට, අපහසුතාවකට
පත්වන්නට සිදුවී ඇති බවට ප්‍රදේශවාසීහු දැඩිව දෝෂාරෝපනය කරති.
මෑතක සිට ජලය අත්‍යාවශ්‍ය කාල වේලාවන් වන උදෑසන හා හවස් කාලයේ
ජල කරාමවලින් ජලය එන්නේ ඉතාම ස්‌වල්පයක් බවද, සමහර අවස්‌ථාවල
පැය ගණන්a ජලය නොමැතිව සිටින්නට සිදුවී ඇති බවද ඔවුහු සඳහන්
කරති.
ජලය සපයනු ලබන කන්තලේ මහ වැව කන්තලේ ජනතාව සතුවුවද ඔවුනට
අවශ්‍ය තරම් ජලය නොමැති වුවද කි. මී. 30 ක් පමණ ඈතින් පිහිටි
ත්‍රිකුණාමලය නගරයට මෙම ජලය කරාම මගින් ඕනෑ තරම් ලැබෙන බවද
ඔවුහු දැඩි අප්‍රසාදයෙන් යුතුව කියා සිටිති. මෙයට හේතුවී ඇත්තේ
කන්තලේට කාලයක් ජලය ගෙන ගිය විශාල ප්‍රමාණයේ බටයක් වෙනුවට
දැන් කුඩා බටයකින් ජලය සැපයීම බවද වාර්තා වේ.
මේ පිළිබඳ අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා කන්තලේ ජල පාලන
ස්‌ථානයේ නිලධාරියකු අමතා අප විමසීමක් කළ විට හෙතෙම අධික
කෝපයකින් රිසීවරය බිම තැබීය. ඉන්පසු කොළඹ පිහිටි ප්‍රධාන
කාර්යාලයට දැන්වූ විට ඔවුන් ඉතාමත්ම සුහදශීලීව ප්‍රශ්නයට
පිළියම් යෙදීමට එකඟ විය. |