වසර දෙකකට පසු ඩ්‍රාවිඩ්ට කැඳවුම්

ඉදිරි මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලියට සහභාගිවීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 කුගෙන් සමන්විත ඉන්දීය කණ්‌ඩායමට වසර 2 ක කාලයක්‌ කණ්‌ඩායමෙන් ඉවත් කොට සිටි රාහුල් ඩ්‍රාවිඩ්ගේ නම ද ඇතුළත් වී තිබේ.

සුපිරි පිතිකරු විරේන්ද්‍ර සෙවැග් උරහිසේ ආබාධයකට ලක්‌වීමෙන් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති අතර ඔහුගේ ස්‌ථානය වෙනුවෙන්, අත්දැකීම් හා තාක්‍ෂණයෙන් ඉහළ තත්ත්වයක පසුවන ඩ්‍රාවිඩ් කණ්‌ඩායමට එක්‌ කිරීමට ඉන්දීය තේරීම් කමිටුව කටයුතු කොට තිබේ. තවද පසුගියදා නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියද දකුණු අප්‍රිකාවේ පැවැති අතර එම තරගාවලිය සඳහා ද ඩ්‍රාවිඩ් ක්‍රීඩා කර තිබීම ඔහුව කණ්‌ඩායමට කැඳවීම සඳහා අතිරේක හේතුවක්‌ද වී තිබේ.
සෙවැග් ආබාධිත තත්ත්වයක පසුවුවද ඉදිරි සැප්තැම්බරයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්‌ඩායමට එක්‌වීමට නියමිතය.

ඉන්දීය කණ්‌ඩායම - මහේන්ද්‍ර සිං දොaනි(නායක), සචින් ටෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඩ්, ගෞතම් ගාම්බීර්, සුරේෂ් රයිනා, යුවරාඡ් සිං, යුසුෆ් පතන්, හර්බජාන් සිං, අමිත් මිශ්රා, ප්‍රවීන් කුමාර්, ඉෂාන්ට්‌ ෂර්මා, අශිෂ් නේරා, දිනේෂ් කාර්තික්‌, ආර්. පී. සිං, අභිෂේක්‌ නායර්.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v