|

නිල නොවන ටෙස්‌ට් තරගාවලියේ
ජය පකිස්‌තානයට
චමිල කරවිට
සංචාරක පකිස්‌තාන "ඒ" කණ්‌ඩායම සහ ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායම අතර
රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති නිල
නොවන සිව්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කරගත් පකිස්‌තානු
කණ්‌ඩායම තරග 2 කින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්‌ට්
තරගාවලිය 1-0 ක් වශයෙන් ජයගැනීමට සමත්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්‌තානු කණ්‌ඩායම ලකුණු
342 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්‌ඩායමට සිය
පළමු ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි.
පාකිස්‌තානු පන්දු යවන්නන් හමුවේ දුර්වල අඩු ලකුණු සංඛ්‍යාවකට
දැවී යැමේ ප්‍රතිඵලය මත ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නියෑළීමට
ශ්‍රී ලංකා කණ්‌ඩායමට සිදුවූ අතර එහිදී ඔවුන් සියලු දෙනා දැවී
ලකුණු 229 ක් පමණක් රැස් කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ම ලකුණු 30 ක් තුළදී බිඳ
වැටුණද ඉනිමක පරාජයෙන් බේරීම සඳහා හයවැනි කඩුල්ල වෙනුවෙන්
සාර්ථක ලකුණු 161 ක ලකුණු සබඳතාවක් පැවැත්වීමට කෞෂාල්
සිල්වා(නොදැවී 79) සහ මුතුමුදලිගේ පුෂ්පකුමාර (95) සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 68 ක ඉලක්‌කයක් හඹා ගිය පාකිස්‌තානු "ඒ"
කණ්‌ඩායම සිය ඉලක්‌කය කඩුලු 2 ක් පමණක් දැවී රැස් කර ගැනීමට
සමත්විය.
ලකුණු සටහන
පාකිස්‌තානු "ඒ" පිල පළමු ඉනිම 342 යි සහ දෙවැනි ඉනිම කඩුලු 8
ට ලකුණු 71 යි(උමර් අමින්(නොදැවී) 34, ආසර් අලී(නොදැවී) 20,
මුතුමුදලිගේ පුෂ්පකුමාර 31/2)
ශ්‍රී ලංකා "ඒ" පළමු ඉනිම 180 යි සහ දෙවැනි ඉනිම 229
යි(මුතුමුදලිගේ පුෂ්පකුමාර 95, කෞෂාල් සිල්වා(නොදැවී) 79,
වහාබ් රීසා 52/3, ෆාහඩ් මන්සූර් 52/2, අබ්දූර් රෙහෙමාන් 82/5)
|