ගාලූ ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වසා දමයි අසේල විතාන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට සහ ඒ අවට ප්‍රදේශයට විටින් විට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්‌ඩායම්වල පුහුණුවීම් ඊයේ (16 දා) දිනයේදී ගෘහස්‌ථ ක්‍රීඩා ගාරයට පමණක් සීමාවී ඇත. ගාලු ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කිරීමට (අවශ්‍ය වැසි ආවරණ 35 ම යොදා) ඊයේ සවස්‌වන විට බලධාරීන් කටයුතු කර ඇත. පසුගියදා පාකිස්‌තානය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී පැවැති ටෙස්‌ට් තරගය දින 3 1/2 කින් නිමා වුවත් හෙට තරගය සඳහා ටෙස්‌ට් ක්‍රීඩාවට උචිත තණතීරුවක් සූදානම් කර ඇති බව ක්‍රීඩාංගණය භාරව කටයුතු කරන ජයනන්ද වර්ණවීර මහතා "දිවයින"ට පැවැසීය. "පන්දු යවන්නන්ටත් පිතිකරුවන්ටත් යෝග්‍ය පරිදි හොඳ තණතීරුවක් හෙට තරගය සඳහා සූදානම් කර තියෙනවා. ඊයේ දිනයේ ගාල්ලට වැසි වැටුණත් ක්‍රීඩාංගණයට කිසිදු හානියක් නොවන විදියට වැසි ආවරණ යොදා ක්‍රීඩාංගණය ආවරණය කළා. අද හැන්දෑවේදී ගාල්ලට වැසි නොවැටුණොත් හෙට තරගය නියමිත වෙලාවට ආරම්භ කරන්න පුළුවන්" යෑයි වර්ණවීර වැඩිදුරටත් පැවැසීය. ගාලු ක්‍රීඩාංගණයේ මෙතෙක් පවත්වා ඇති ටෙස්‌ට් තරග 14 න් තරග 10 ක්‌ම තීරණයක් සහිතව අවසන් වී ඇත. ඉන් තරග 7 ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර තරග 3 ක ජය ප්‍රතිවාදීන් සතු විය. ජය පරාජයෙන් තොරව තරග 4 ක් අවසන් වී ඇත.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v