ටී.එම්. ඩිල්ෂාන් ඕල් ඉන් වන් සුද්දගේ ක්‍රිකට් පොතේ අර්ථ නිරූපණයේ අඩුපාඩුවක්‌ද...? ඉංග්‍රීසියෙන් "ඕල් රවුන්ඩර්" සිංහලෙන් "තුන් ඉරියව් ක්‍රීඩකයෙක්". ඒත් ක්‍රිකට් ක්‍රීඩාව ඉරියව් තුනකට ලඝූ කරන්න පුලූවන්ද...? එහෙම අසන්න අපිව පොළඹවන්නේ ඩිල්ෂාන්. ඔහු දක්‍ෂ පිතිකරුවෙක්. ඒ ගැන විවාද නැහැ. අවශ්‍ය වෙලාවෙදි තම යුතුකම ඉටු කරන්න හැකියාව ඇති "ඕෆ් බ්‍රේක්" පන්දු යවන්නෙක්. පිටියේ ඕනෑම තැනක රැඳවිය හැකි අති දක්‍ෂ පන්දු රකින්නෙක්. වැඩිදුරටත් සැලකුවොත් කඩුලූ රකින්නෙක්. පහර නිර්මාණකරුවෙක්(උදාහරණ - ඩිල් ස්‌කූප්). ඒ නිසාම පන්දුවාර 20-20 සහ එක්‌දින ක්‍රිකට් රටාවේ ආරම්භක පිතිකරු ස්‌ථානය හිමිකරගත්තෙක්. ඔහු එපමණකින් සීමා වෙයිද...? ටෙස්‌ට් පිටියේත් ආරම්භක පිතිකරුවකු ලෙසින් ඩිල්ෂාන් අලූත් ගමනක් අරඹයිද...???.... හෙට ගාල්ලේදී බලාගන්නට හැකිවේවි. ඕල් රවුන්ඩර්.....ද? නෑ "ඕල් ඉන් වන්". ඕනෑම ක්‍රිකට් හරඹයකට ඔට්‌ටුයි. ඒ තමයි ඩිල්ෂාන්.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v