පළමු වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද පරිගණකය
රුපියල් 29,990කට EZY SLIM TOP පරිගණකය දැන් වෙළෙඳපොළේ

EZY SLIMTOP නව පරම්පරාවේ ඩෙක්‌ස්‌ - ටොප් පරිගණකය පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වාදෙනු ලැබීය. ඩුබායිහි මවු සමාගම ඇති EZY INFOTECH සමාගමේ නිෂ්පාදනයක්‌ වන මෙය දැන් ආයෝජන කලාපයේ නිෂ්පාදනය කරන අතර එහි මිල රුපියල් 29,990 කි. මෙය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුයේ 2009 පෙබරවාරි මාසයේදීය.

පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පරිගණක නිෂ්පාදනය කරන පළමු කර්මාන්තශාලාව අපි පිහිටුනු ලැබුවා. මෙහිදී ප්‍රමිතියෙන් ඉතාමත් ඉහළ එමෙන්ම ජනතාවට පහසුවෙන් මිලදී ගත හැකි පරිගණකයක්‌ ලබාදීම අපගේ අරමුණයි. අද අප එය ඉටුකර තිබෙනවා. එමෙන්ම එය අඟල් 36 LCD මොනිටරයකින් සමන්විතයි. මෙසේ සඳහන් කළේ EZY INFOTECH SRI LANKA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ එම සමාගමේ ආසියා පැසිෆික්‌ මෙහෙයුම් අධ්‍යක්‍ෂ සෆ්රාස්‌ හම්සඩීන් මහතාය. අපගේ අරමුණ වූයේ සාමාන්‍ය මුදලකට පාරිභෝගික ජනතාවට පරිගණකයක්‌ ලබාදීමයි. SLIMTOP පරිගණකය එහි ආරම්භයයි. මෙම පරිගණකය දියත් කිරීමේ උත්සවයට එම සමාගමේ උප සභාපති රමේෂ් උමා ශංකර් සහ මූල්‍ය ප්‍රධානි ශන්මුගම් අල්රාසු යන මහත්වරු පැමිණ සිටියහ.

මෙම පරිගණකය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පාරිභෝගිකයාට මෙන්ම ව්‍යාපාරික ආයතනවලටද සුදුසු වන ආකාරයට ඉස්‌තරම් ලක්‌ෂණ සහිතව නිපදවා ඇත්තකි. එහි ප්‍රමාණය මෙන්ම මුදලද කුඩාය. ඇත්ත වශයෙන්ම සඳහන් කරනවා නම් සාම්ප්‍රදායික ඩෙක්‌ස්‌ - ටොප් පරිගණකයක ප්‍රමාණයකින් අඩකි SLIMTOP පරිගණකය. මෙසේ සඳහන් කළේ හම්සඩීන් මහතාය. අප සෑම විටම අපගේ පාරිභෝගිකයා ගැන විමසිලිමත්ව කටයුතු කරනවා. මෙම පරිගණකයට අවශ්‍ය විදුලිය වැයවීම සාමාන්‍ය පරිගණකයකට වඩා සියයට 50 කින් අඩුය. මෙම උත්සවයට SLIMTOP පරිගණකය මෙරට බෙදා හරින්නන් වන ස්‌කේලින් හෝල්ඩිංග්ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ ජූඩ් ජෝසප් සහ බ්‍රවුන් සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මුරලි ප්‍රකාශ්, පකිස්‌තානයේ ඩීසන්ට්‌ පරිගණක සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ අසීෆ් ශෂාන් සහ පාකිස්‌තානයේ ඔප්ටිමම් ටෙක්‌නොලොජිස්‌හි කළමනාකාර අධ්‍යක්‍ෂ මෙහෙමුඩ් කහව යන මහත්වරු පැමිණ සිටි අතර ඔවුහු EZY SLIMTOP පරිගණක 500 ක්‌ මිලට ගත්හ.

මෙම පරිගණකයේ උස අඟල් 11 කි. පළල අඟල් 3 කි. බර ග්‍රැම් 1400 කි. EZY SLIMTOP පරිගණකයක්‌ සමඟ තවත් පරිගණක වර්ග රැසක්‌ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. EZY SLIM BOOK මින් එකක්‌ වන අතර එය ලැප්ටොප් වර්ගයේ කුඩාම පරිගණකය වේ. බර ග්‍රෑම් 900 කි. මිල රුපියල් 44,500 කි. පුද්ගලික සහ ව්‍යාපාරික කටයුතු සඳහා පරිහරණය කිරීමට අවශ්‍ය සියලුම උපාංග මෙම EZY SLIMTOP සමඟ EZY SLIM BOOK පරිගණක සතුය. EZY ග්ලෝබොල් හෝල්ඩිංග්ස්‌ සමාගම ඩුබායි හි පිහිටා ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන 2 ක්‌ සහිත බහුජාතික සමාගමකි. ඔවුන්ගේ කර්මාන්තශාලා 117 ක්‌ රටවල් 30 ක ව්‍යාප්තව ඇත.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v