"ෆොටෝ ටෙක්‌නිකා" සමාගම කැමරා නිෂ්පාදනයට පිවිසෙයි

අඩ සියවසකට වැඩි කාලයක්‌ ලෝක ප්‍රකට කැමරා ආනයනය කිරීම සහ ඒවා අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරතව සිටින ෆොටෝ ටෙක්‌නිකා සමාගම කැමරා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්‌ ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට කටයුතු කරගෙන යයි. තිස්‌ වසරක යුද්ධය නිමවීමත් සමඟ උදාවී ඇති නව ආයෝජන අවස්‌ථා ප්‍රයෝජනයට ගනිමින් ජපානයේ සුප්‍රසිද්ධ නිකොන් කැමරා නිෂ්පාදන සමාගම සමඟ එක්‌වී ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ව්‍යාපෘතියක්‌ ලෙස මෙම නව කර්මාන්ත ආයතනය ආරම්භ කිරීමට ක්‍රියා කරගෙන යන බව ෆොටෝ ටෙක්‌නිකා සමාගමේ කළමානාකාර අධ්‍යක්‍ෂ හර්ෂ මල්වැන්න මහතා පවසයි. මේ පිළිබඳ වැඩි දුරටත් අදහස්‌ දක්‌වන හර්ෂ මල්වැන්න මහතා......

"අපි වසර 50 කට වැඩි කාලයක්‌ නිකොන්, පෙන්ටෙක්‌ස්‌, යශිකා වැනි ලෝක ප්‍රසිද්ධ වෙළෙඳ නාම දරන කැමරා ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සහ ඒවා අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරතව සිටිනවා. මීට පෙර අපි "ටෙක්‌නිකා" නමින් කැමරාවක්‌ නිෂ්පාදනය කළා. එය ශ්‍රී ලාංකිකයන් අතර හුඟක්‌ ජනප්‍රිය වුණා."

"උතුරුනැගෙනහිර යුද්ධය අවසන් වීමත් සමඟ දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයන් අතර ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම ගැන උනන්දුවක්‌ සහ විශ්වාසයක්‌ ඇති වී තිබෙනවා. ඒ වගේම අපේ වෙළෙඳ පොළ ප්‍රසාරණය වෙලා තියෙනවා. ජපානයේ නිකොන් සමාගමත් එක්‌ක අපට වසර 50 කට වැඩි කාලයක සිට ඉතා හොඳ සම්බන්ධයක්‌ සහ විශ්වාසයක්‌ තියෙනවා. මේ හැම තත්ත්වයක්‌ම සැකිල්ලට අරගෙනයි අපි කැමරා නිෂ්පාදනය පටන් ගන්න හිතුවේ. යුද්ධය නිමා වීමත් සමඟම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමේ යෙදී සිටිනවා. ඡායාරූප ශිල්පී උපකරණ වෙළෙඳාම වෙනුවෙන් දැනට අප ආයතනය තෝරාගෙන තිබෙනවා. එය අපට ඉතා සතුටුදායක ආරංචියක්‌ වුණා.

මේ බව අපගේ මව් සමාගම වන ජපානයේ නිකොන් කර්මාන්ත ශාලාවට දැන්වූ වහාම ඔවුන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක්‌ ලැබුණා. ඔවුන්ද මෙය අනගි අවස්‌ථාවක්‌ ලෙස දකිනවා. "මෙහි පළමු පියවරේදී කැමරා කොටස්‌ මෙහාට ගෙනත් සම්පූර්ණ කැමරාවක්‌ එකලස්‌ කරනවා. එසේ එකලස්‌ කරන කැමරා අපනයනය කරනවා. දෙවැනි පියවරේදී සම්පූර්ණ කැමරාවම මෙහේ නිෂ්පාදනය කරනවා. ඒවා මුළු ලෝකයටම අපනයනය කරනවා."
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v