අපි පවුල පිටින්ම ඕස්‌ටේ්‍රලියා යනවා

සැබෑ ගීතයේ හැඩරුව හඳුනාගන්නට ඔහු කළ මෙහෙවර මෙතෙකැයි කිව නොහැක. මධුර වූ ඔහුගේ හඬ ප්‍රබලය. නිරවුල්ය. තමන්ටම ආවේනික රසාත්මක ගායන ශිල්ප විධීන්ගෙන් පෝෂිතවූ මේ ගායන ශිල්පියා විශාරද එඩ්වඩ් ජයකොඩිය.

මාරම්බරී කෝලවී
පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑමදා පුන්‍යවන්තීS...

ඔහුගේ ජීවන ගීතයේ හවුල්කාරිය වන ඕ චරිතා ප්‍රියදර්ශනී පීරිස්‌ ය. මියුරු ලයාන්විත හඬින් ගී ගයන ඈ අද පරිනත ගායිකාවක්‌ වී හමාරය.

මේ ප්‍රේමකතා නවතා මොහොතක්‌
අපි අවට බලමු ඇස්‌ ඇරලා
නැතිබැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ...

දීර්ඝ කලකට පසු එච්වඩ්- චරිතා යුවළ සමග අප කතා කළෙමු. සංගීත කලාව ගැන තරුණ පරපුර ගැන මෙන්ම පවුලේ තොරතුරුද ඔවුන් කතා කළහ.

අප පළමුව කතා කළේ සංගêත ක්‍ෂේත්‍රයේ එදා සහ අද ගැනය.

මම හැත්තෑව දශකයේ ගුවන් විදුලියෙන් බිහිවුණා. එදා තිබුණේ ශික්‍ෂින ගීත සාහිත්‍යයක්‌. හැම වෙලාවෙම ගුණාත්මක ප්‍රතිඵලයක්‌ තමයි තිබුණේ. එඩ්වඩ් කීවේය.

එදා දවස හරීම සුන්දරයි. මේ කලාව දේවත්වයෙන් කරන දෙයක්‌. නවීන තාක්‍ෂණය එක්‌ක අපට තනිවෙන්න බැහැ. විවෘත ආර්ථිකය අවා. එහි හොඳ දේ අප ගත යුතුයි. තරුණ පරපුර හොඳ නිර්මාණ කළා. තව පිරිසක්‌ වල්මත් වුණා කියලත් හිතෙනවා.... යෑයි චරිතා කීවාය.

තාක්‍ෂණය ආ පසුව ගීතයේ සාහිත්‍යමය ගුණය මිනිසාට අමතක වුණා. ඉන්දියාවේ තරුණ පරපුර වගේම ප්‍රවීණයෝ පවා තාක්‍ෂණය යොදා ගෙන නව නිර්මාණ කරනවා. ඒත් ඒවායේ ගුණාත්මක බව අඩුවෙලා නැහැ. ඉන්දීය ජන සංගීත ආර, නර්තන ශිල්ප ක්‍රම, නාදමාලා ඒ නිර්මාණවල තියෙනවා. රාගධාරි සංගීතයේ විවිධ ශිල්ප ක්‍රම එතුළින් ඇහෙනවා.... යෑයි එඩ්වඩ් කියද්දී ඒ අය කවදාවත් ඔවුන්ගේ දේ පාවාදීලා නිර්මාණ කරන්නේ නැහැ" යෑයි චරිතා කීවාය.

මීළඟට අප කතා කළේ නව පරපුරේ දස්‌කම් ගැනය.

තරුණ පිරිස දක්‍ෂයි. ඒත් ඒ අයට මග පෙන්වීමක්‌ නැහැ. ප්‍රවීණයන් සහ නව පරපුර සමග සම්බන්ධීකරණයක්‌ නැහැ...." චරිතා කීවාය.

මොකක්‌දෝ බැම්මක්‌ දෙපිරිස අතර බැඳලා තියෙනවා. එඩ්වඩ් කී විට යළි චරිතා කීවේ මෙවැන්නකි.

නවකයෝ නිතරම ප්‍රවීණයන්ගේ ඇසුර ලබාගන්න උත්සාහ කළ යුතුයි. ප්‍රවීණයෝත් නවකයන් ගැන ද්aවේෂයෙන් තොරව හිතන්න ඕනැ. ඒ අයගේ දේ අපි නම් නිතරම අගය කරනවා. ළඟදී භාතිය සන්තුෂ් පුවත්පතකට කියලා තිබුණා එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ සහ අමරදේව මහත්තයා ඒ දෙදෙනාගේ නිර්මාණ අගය කරන බව. අද තරුණයෝ තමයි අනාගතයේදී ප්‍රවීණයන් වෙන්නේ. මෙතැන තියෙන්නේ ඒ අය ගැන වැරදි කෝනයකින් බැලීමයි.

අද අපට දක්‌නට ලැබෙන ගීත බොහෝමයක්‌ හරසුන් නිර්මාණ. මෙවන් අවරගනයේ ගීත නවකයන් විසින් ඉදිරිපත් කරන්නේ ප්‍රවීණයන් නව නිර්මාණ නොකරණ නිසා නේදැයි යන පැනයට චරිතා දුන් පිළිතුරයි මේ.

සමහර ප්‍රවීණයෝ නිර්මාණ නොකරනවා නොවේ. ඒaවා මාධ්‍යවලට නොදෙනවාත් නොවේ. ඒත් මේ නිර්මාණ රූප මාධ්‍යයෙන් විකාශය වෙනවා නම් තමයි ජනප්‍රිය වන්නේ. රූප මාධ්‍ය නැතත් ඒ නිර්මාණ නිතර නිතර ඇහෙනවා නම්.... දියුණු වන ලෝකයේ ප්‍රවීණයන් අතිනුත් යම් යම් වෙනස්‌කම්වලින් යුත් නිර්මාණ බිහිවිය යුතුයි. තාක්‍ෂණයට පිටුපා මේ ගමන යන්න බැහැ.

එඩ්වඩ් - චරිතා ගීත ප්‍රසංගයක්‌ "සුරත්නා" නමින් සැප්තැම්බර් මස ඕස්‌ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිතය. එම ප්‍රසංගය පිළිබඳ එඩ්වඩ් විස්‌තර කළේය.

සැප්තැම්බර් 01 දා සිට මාසයක කාලයක්‌ අපි එහි ප්‍රසංග කරනවා. පස්‌ වැනිදා බ්‍රිස්‌බේන්, දොළොස්‌වැනිදා සිඩ්නි, දහතුන් වැනිදා කැන්බරා, දහනව වැනිදා සහ විසි වැනිදා මෙල්බර්න්, තුන් වැනිදා පර්ත් යන නගරවල. විසිහත් වැනිදා මෙල්බර්න්වල වේදිකා නාට්‍යයකුත් කරනවා. මම චරිතා පුතා චන්දීප සාරානාත් සහ දුව ෂරන්‍යාත් යනවා.

අපි දෙන්නා ඕස්‌ටේ්‍රලියාවට යන තුන් වැනි වතාවයි මේ. පසුගිය අවුරුද්දේ මට ප්‍රසංගවලට වැඩිපුර යන්න බැරිවුණා. පුතාගේ විභාගය වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිසා. පුතා සාමාන්‍ය පෙළ කළා. දුව පස්‌වැනි ශ්‍රේණියේ. "සිහින කුමාරි" ටෙලි නාට්‍යයේ චතුරිකා පීරිස්‌ගේ ළමා කාලය රඟපාන්නේ දුව. පුතාට පියානෝව, ගිටාරය හොඳින් වාදනය කරන්න පුළුවන්. ඡේරොම්ද සිල්වාගේ ඔලිවර් ට්‍රවිස්‌ට්‌ නාට්‍යයේ රඟපාලා හොඳම සහාය නළුවා ලෙස පුතා සම්මාන ගත්තා. මම විශාරද විභාගය ඉවර කළා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛන හා ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. මේ දිනවල ශාස්‌ත්‍රවේදී බාහිර උපාධිය හදාරනවා. ශ්‍රී ලංකා ජන සන්නිවේදකයන්ගේ සංගමයෙන් පිරිනැමෙන මැකෝ සම්මානය මේ වසරේදී මට ලැබුණා. ඔය සියල්ලම අතර අපේ සැරිසර සංගීත නාලිකාවටම නවකයන් බඳවා ගැනීමත් මේ දවස්‌වල සිදු කරනවා යෑයි කී චරිතා කතා බහ අවසන් කළේ මෙසේයි.

මගේ තාත්තා ආරියදාස පීරිස්‌ගේ නමිත් අප වෙසෙන පාර නම් කළා. අංක 52 ආරියදාස පීරිස්‌ මාවත (කලින් මිරිහාන පාර) නුගේගොඩ අපේ ලිපිනයයි.

අජිත් අලහකෝන්
ඡායාරූප - නිමල් දයාරත්න

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v