තිළිණිගේ සිතුවම් දැක්‌ම



සාම්ප්‍රදායික කලාවන් ඔස්‌සේ නව මං සොයන මේ සොඳුරු සිත්තරාවිය නමින් තිළිණි ප්‍රභාෂිණීය. ඇය පාසල් අධ්‍යාපනය ලැබුවේ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයෙනි. චිත්‍ර පිළිබඳ මූලික හැදෑරීම ලැබුවේ එහිදීය. ඉන් පසු ඇය ගාමිණී මුහන්දිරම් ගුරුතුමා යටතේද බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ වසරක චිත්‍ර/ මූර්ති පාඨමාලාවද වැඩිදුර හැදෑරීම සිදුකළාය. කොළඹ ජාතික කලා භවනේ කලා සංගමයේ කලා පාසලෙන් ලැබූ පන්නරය ඇගේ චිත්‍ර කලා ජීවිතයේ හැරවුම් ලක්‍ෂය ලෙසද හැඳින්විය හැකිය. එහිදී ඇය කලා සංගමයේ සභාපති පුලස්‌ති එදිරිවීර, ජයන්ත තිසේරා, අකිල ජයවර්ධන වැනි න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව බොහෝ දේ හැදෑරූ ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලැබුවාය. තමන් උගත් දේට කොටු නොවී නිර්මාණ කිරීමට හැකියාවක්‌ ඇය සතුය. මේ වන විට එම කුසලතාව මුල්කරගෙන ඇයගේ කුළුඳුල් චිත්‍ර ප්‍රදර්ශනය අගෝස්‌aතු මස 22,23 හා 24 තෙදින පුරා කොළඹ ජාතික කලා භවනේදී එළිදැක්‌වීමට නියමිතය. තෙදිනක්‌ පුරා පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක ආරාධිතයා වනුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මැතිතුමාය.

දිය සායම්, තෙල් සායම්, පැස්‌ටල් ආදී කෘති ගණනාවකින් හැඩ ගන්වා ඇති මෙම සිත්තර දැක්‌මට නමක්‌ තබා නැත. නමක්‌ නැති ඒකපුද්ගල සිතුවම් දැක්‌මට නමක්‌ තබා යන්නට කැලණි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන උපාධි අපේක්‍ෂිකාවක්‌ වන තිළිණි ප්‍රභාෂිණි ප්‍රේක්‍ෂක ඔබට ඇරයුම් කරයි.

 දිනේෂ් විතාන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v