අපි ගෙදරට මුරණ්‌ඩු අය නොවෙයි
කල්පනා - චේතනා

කල්පනා ෂෙහානි, ෙච්තනා ශමිල්කා කියන්නේ මේ දවස්‌වල පුංචි තිරයේ රසවතුන්ගේ අවධානය යොමු වූ දෙදෙනෙක්‌ට. ඒ විතරක්‌ නෙවෙයි ක්‍ෂේත්‍රයට අලුත්ම අලුත් හඳුන්වාදීම් දෙකක්‌. එපමණකුත් නෙවෙයි "මානවිකාවි" ටෙලි නාට්‍යයේ මිතුරියන් ලෙස රඟපෑවද මේ දෙන්නා හැබෑ දිවියේ අක්‌කයි නංගියි මහනුවර අංපිටිය ප්‍රදේශයේ තවමත් පදිංචි වෙලා ඉන්න කල්පනා ෂෙහානි, නිම්සරා හා රෙහානි ගැන කතා කරන්න අපත් සමග එකතු වුණා.

කල්පනා ෂෙහානි එයා තමයි "මානවිකාවි" ප්‍රධාන චරිත ගොන්නෙ සිටින්නීය. නිම්සරා ලෙසින් අලුත් තාලේ යුවතියකගේ සිතුම් පැතුම් එකතු වූ මේ චරිතය කල්පනාට දැනුන විදිහ.

මං අලුත් කෙනෙක්‌ වුණත් හැමෝගෙම සහයෝගය මට ලැබුණා පුංචි දවස්‌වල ඉඳන් රඟපාන්න නර්තනයට දක්‌ෂකමත් අක්‌කයි මායි දෙන්න තුළම තිබුණා ඒ නිසාම ඒ දක්‌ෂතා තුළින් යමක්‌ කිරීමේ ආසාවක්‌ තිබුණා. දැන් ඒ ආසාව ඉෂ්ට වෙලා.

"මානවිකාවි" රඟපාත්දි කැමරාව ඉදිරියට ගියහම මට බයක්‌ දැනුණ, ඒ නාට්‍යයේ මගේ අම්මයි තාත්තයි විදිහට රඟපාන බුද්ධදාස විතානාච්චි මහත්මයත් අනුලා කරුණාතිලක මහත්මියත් මට හැම වෙලාවෙම කිව්වේ ඒ දෙන්නා මගේම අම්මයි තාත්තයි විදිහට හිතාගෙන රඟපාන්න කියල. ඒ වගේම මේ නාට්‍යයෙ අධ්‍යක්‌ෂ එරංග සේනාරත්න මහත්මයාගෙනුත් මට ලොකු සහයෝගයක්‌ ලැබුණා.

තවමත් අවු. 17 කට යුවතියක වන කල්පනා තමන්ගේ හෙට දවස ගැනත් හිතන විදිහ අපට පැවසුවා රඟපාන්න මට හරි ආසයි. ඒත් ඉදිරියේ ආරාධනා ලැබෙන විදිහටයි තමයි ඒක තීරණය වෙන්නෙ. රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයටත් මම කැමතියි. මගේ අම්මත් පුංචිලත් මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන අයට හැබැයි අපේ පවුලෙන් කලාවට සම්බන්ධ වුණේ නම් මමයි අක්‌කයි විතරයි. ඉදිරි කාලයේ රූපලාවන්‍ය පාඨමාලාවක්‌ හදාරල ඔස්‌ටේ්‍රලියාවට යන්නත් මගේ අදහසක්‌ තියෙනවා......"

තවමත් පාසල්වියේ පසුවන යුවතියක වන ෂෙහානිට පාසලෙන් දෙමාපියන්ගෙන් ලැබෙන සහාය ගැන අප විමසුවා.

"මගේ අම්මයි තාත්තයි අපි දෙන්නගෙම සෙවනැල්ල වගේ ඉන්නවා. මම තාම පුංචියිනෙ මම තාත්තගෙන් අහල තමයි හැම දෙයක්‌ම තීරණය කරන්නෙ. අම්ම නිතරම මගේ ළඟින් ඉන්නව. මම දැන් ලන්ඩන් ධරැඛ කරල ඉවරයි. මම මුලින්ම ඉගෙනගත්ත ඉස්‌කෝලෙන් කවදාවත් අපේ දක්‌ෂතාවන්ට සහයෝගයක්‌ ලැබුණේ නැහැ. ඒ නිසා මම ජාත්‍යන්තර පාසලකට ඇතුළු වෙලයි මානවිකාවි ටෙලි නාට්‍යයේ රඟපාන අතර .... විභාගය කළේ...."

මානවිකාවි හි නිම්සරාගෙ චරිතය කල්පනාගේ සැබෑ ජීවිතය ද හිතෙන තරමටම ඒ චරිතයේ හැම දෙයක්‌ම කල්පනා සමග සැසඳුණා.

"හැම තැනකදීම නෙවෙයි ගොඩාක්‌ දේවල් ගැලපුනා. හැබැයි මම ගෙදරට මුරණ්‌ඩු ගෑනු ළමයෙක්‌ නම් නෙවෙයි........"
ෙච්තනා ශමිල්කා මානවිකාවි ටෙලි නාට්‍යයේ නිම්සරාගෙ මිතුරිය රෙහානි. හැබෑ දිවියේ කල්පනාගෙ අක්‌කා තවමත් විසිවන වියෙහි පසුවන ෙච්තනාට කල්පනාට වඩා ක්‍ෂේත්‍රයේ අත්දැකීම් තියෙන යුවතියක්‌. ටෙලි නාට්‍ය වෙළෙඳ දැන්වීම් හා ගීතවල රූපරාමුවලට පෙනී සිට අත්දැකීම් ඇති ඇය ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැතියි. රඟපෑමට අමතරම මම දැන් මොන්ටිසෝරියක්‌ පවත්වාගෙන යනවා. එක වැඩි දියුණු කරගන්නත් බලාපොරොත්තු වෙනව.

තවමත් වැඩි වයසක්‌ නොවුණත් ෙච්තනා තමන්ගෙම කියල වෘත්තියක්‌ හදාගෙන මීට පෙරත් ඇය ගුවන් සේවිකාවක්‌ විදිහටත් සේවය කරල තියෙනව.

"ගුවන් සේවිකාවක්‌ විදිහට රැකියාව ලැබිල ටික කාලයයි ඒ රැකියාව කළේ. අම්ම හැමදාම දුරකථනයෙන් කතා කරල අඬනව අපි හතර දෙනාම එකටම සිsටි නිසා පාලුයි කියල. අන්තිමේදී ඒ රැකියාවෙන් ඉවත් වෙලා ආපහු ලංකාවට ආව........කොහොම වුණත් මම දැන් තෝරාගෙන ඉන්න ක්‍ෂේත්‍ර දෙකටම මම ආසයි"

මේ ක්‍ෂේත්‍ර දෙකට අමතරව ෙච්තනාගේ ජීවිතයේ නම් තවත් සුන්දර බලාපොරොත්තුවක්‌ තියෙන හැඩයි. "වෛද්‍යවරයෙක්‌ සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ තියෙන ඒත් ඉදිරියට කොහොම වෙයිද කියල කියන්න බැහැ"

කල්පනාටයි ෙච්තනාටයි ස්‌තුති කරන්නත් අය ගොඩක්‌ ඉන්නව අවසන් වශයෙන් මම මේ දෙන්නගේ එකී කැමැත්තට ඉඩ දුන්න.

"අපේ අම්මයි තාත්තායි අපේ ආච්චි පුංචිලා, මාමා, ඇතුළුව අපිට උදව් කල් හැමෝම ආදරයෙන් මතක්‌ කරනව."

කල්පනා සුපුරුදු සිනහවෙන් පවසා සිටිය.

ධම්මිකා සුරංජි පතිරණ
ඡායා - සමන් අබේසිරිවර්ධන

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v