|
|
|
|

පඨවි බැලේ ඔපෙරාව

චීන මහ ප්‍රාකාරයේ පීඩිත චීන වැසියන්ගේ දහදිය, රුධිරය සහ
ප්‍රාණය වායුව නිදන්ගතව ඇත. එය ඉදිකරන සමයේ චීනයේ සියලුම
පුරුෂයන් ඊට සහභාගි වීම අනිවාර්ය විය. මේ ඉරණමට මැදි වන අලුත
විවාහපත් පෙම්වත් සැමියාගේ වියෝවින් කම්පිත ගැමි ලියක් ඔහු
සොයා ප්‍රාකරය බැඳුණු ඉසව්ව කරා යන වීර චාරිකාවත් පඨවි බැලේ
ඔපෙරාවට පසුබිම් වී ඇත. ගයා රම්‍ය අල්විස් විසින් පඨවි බැලේ
ඔපෙරාවේ පෙළ රචනාකර ඇති අතර කොළඹ සිරිමාවෝ බණ්‌ඩාරනායක
විද්‍යාලයේ ආචාරිණී තනුජා ප්‍රියන්ති බන්දුල විසින් නර්තන
වින්‍යාසය, සංගීත සංරචනය සහ අධ්‍යක්‍ෂණය කරනු ලබයි. පඨවි
ඔපෙරාවේ සුවිශේෂත්වය වන්නේ ඔපෙරා ආකෘතිය තුළ බැලේ නර්තන
වින්‍යාසය මුසු කර තිබීමය. මෙය ලාංකික කලා රසිකයන්ට නවමු
අද්දැකීමක් වනු නොඅනුමානය.
පඨවි බැලේ ඔපෙරාවේ පඨවි ලෙස ලස්‌නි සුබසිංහ සහ සේතු ලෙස දුලාන්
සිනෙත් ගයාෂන් ද සෙසු ශිල්පීන් ලෙස සුරංග ලක්‌මාල් (ෂි
ෂුවාන්ජි අධිරාජ්‍යයා) ශාන්ත බණ්‌ඩාර හේරත් (පණිවිඩකරු) රශ්මි
පංකජයි, ක්‍රිස්‌ටීන් ශිවන්ති, විනු උදාර, දුලාන් සිනෙත් චරිත
නිරූපණය කරන අතර, වාදක වෘන්දය මෙහෙයවීම හසන්ත ජයලාල් විසින්
සිදු කරන අතර සෝමපාල රත්නායක (චෙලෝ) ප්‍රසාදි මැක්‌ස්‌වෙල්
(ඩබල් බේස්) සරත් ධර්මදාස, ප්‍රසාද් සිල්වා (ගිටාර්)
ප්‍රියන්ත දසනායක (බටනලා) සහ ඩී. ඩී. ගුණසේන ප්‍රමුඛ පිරිස
වයලින් වාදනයෙන්ද පඨවි බැලේ ඔපෙරාවට දායක වෙති.
පසුතල නිර්මාණය සුරත් බාලසූරිය සහ මහින්ද වික්‍රමසිංහ,
ආලෝකකරණය නිරන්ග විඡේසූරිය, අංග රචනය චමින්ද හේවාසිංහ, විසින්
සිදුකරන අතර නිරන්ග විඡේසූරියගේ සංවිධායකත්වයෙන් රනාරා ඇකඩමියේ
ඉදිරිපත්a කිරීමක් වන පඨවි බැලේ ඔපෙරාව මෙම මස 27 වැනි දින
සවස 6. 15 කොළඹ විශාකා විද්‍යාලයේ ජෙරමියස් දියෙස් අනුස්‌මරණ
ශ්‍රවණාගාරයේදී වේදිකා ගතවීමට නියමිතය.
විචිත්‍ර |
|
|
|