තිස්‌ වසරක්‌ පැමිණි ගමන මට තෘප්තිමත්
ප්‍රවීණ නාට්‍ය ශිල්පී අතුල වී. සමරවීර



ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය සම්ප්‍රදායට සුවිසල් මෙහෙවරක්‌ ඉටු කරන ගුවන්විදුලි නාට්‍ය ශිල්පියකු, නිෂ්පාදකවරයකු, නිවේදකයකු හා වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන අතුල සමරවීර මහතා ඔහුගේ ගමන් මග ගැන "මීවිත"ට අදහස්‌ දැක්‌වූයේ මෙලෙසිනි.


අතුල ඔබ නාට්‍ය ක්‍ෂේත්‍රයේ මේ ආ දිගු ගමනේ මුල් පියවර ගැන මතක්‌ කරනවා නම්?

මං කලා ජීවිතයට සම්බන්ධ වුණේ පාසල් කාලේදිමයි. 1968 සිට ගුවන්විදුලිය ළමා පිටියේ. වැඩසටහන් විශාල ප්‍රමාණයකට මට සහභාගි වෙන්න අවකාශ ලැබුණා. මට අවුරුදු 10-12 කාලයේදී තමයි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ. මගේ පියාත් හොඳ නාට්‍යකරුවෙක්‌. ඔහු පොලිසියේ රාජකාරි කළත් ගුවන්විදුලියට හා වේදිකාවට සම්බන්ධවෙලා කලාවට විශාල මෙහෙයක්‌ කළා. මගේ පියා කීර්ති ශ්‍රී සමරවීර. ඔහු සී. ඩබ්ලිව්. ඩී. ස්‌ටීවන් මහතා සමග සම්බන්ධ නාට්‍ය කිහිපයක්‌ම කළා. සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය, "ලේවල පලිය" වැනි නාට්‍ය තුළින් මටත් මුල් ආභාෂය ලැබුණා.

කොහොමද ඔබේ ගුවන්විදුලියේ ජීවිතය ගැන?

ගුවන් විදුලියට සම්බන්ධ වීමෙන් පසුව මට විශාල දැනුම් සම්භාරයක්‌ ලබාගන්න හැකිවුණා. එවකට ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදයකු වූ ටී. ඩී. අල්මේදා සමග මගේ පියා කටයුතු කරන විටදී මටත් ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න හැකිවුණා. එවකට හිටිය වික්‌ටර් වික්‍රමගේ නාට්‍ය දහයකට විතර මමත් දායක වුණා. "විදුර" "ශ්‍රී වික්‍රම" "සිවම්මා ධනපාල" නාට්‍යයක්‌ ඒ අතර ඔබ මුලින්ම නිෂ්පාදනය කළ නාට්‍ය ගැනත් මතක්‌ කරනවානම්, මම මුලින්ම නිෂ්පාදනය කළේ සිරිසේන විමලවීරගේ "පිටිසර කෙල්ල" නාට්‍යයයි. ටී. ඒ. ඩී. අල්මේදා මහතා සූටිගමරාළ නාට්‍ය නිෂ්පාදනය කර අධ්‍යක්‍ෂණය කරන්න මට ලබා දුන්නා.

අල්මේදා මාස්‌ටර් මාගේ නාට්‍ය ජීවිතයට අනූපමෙහෙයක්‌ කළා. මමත් එයින් ප්‍රයෝජන ගෙන ටවර්හෝල් යුගයේ ජනප්‍රියම වේදිකා නාට්‍යකරුවන් වන ඩබ්ලිව්. එම්. ලුවිනිශ් පෙරේරා, එන්. ඩී. වින්සන්, දේවි සකුන්තලා, උපසේන සූරියකුමාර, පී. කොඩිතුවක්‌කු, අමරදාස හේවාගම වැනි ප්‍රවීණ කලාකරුවන් නැවතත් වේදිකාවට ගෙන ආවා. ඔවුන් ගැන ඇගයීමක්‌ කර පොතකුත් මුද්‍රණය කළා. නව යුගයට ගැලපෙන අයුරින් අලුත් පරපුරත් එකතු කරගෙන සූටිගමරාළ දර්ශණ වාර දහසකට වඩා ගෙන ගියා.

පනස්‌වෙනි රාජ්‍ය නාට්‍ය උළලේ දෙවැනි වටයේ අවසන් නාට්‍ය 13 අතරට ඔබේ නාට්‍යකටත් සුවිශේෂ ස්‌ථානයකි. ඔව්...... සැබවින්ම ඒක මට සතුටට කරුණක්‌. ලංකාවේ පනස්‌වෙනි රාජ්‍ය නාට්‍ය උළෙල මුල් කාලේ නාට්‍ය කිහිපය අතරේ මගේ "ඉතින් ආයුබෝවන්" නාට්‍යයත් ගෞරවයට පාත්‍රවෙලා. ඒක තවදුරටත් ඉදිරියට යන බව මගේ විශ්වාසයයි.

ඔබ වඩාත්ම කැමැති අතුල වී. සමරවීර කියන පොලිස්‌ නිලධාරියාට ද නැත්නම් නාට්‍යකරුවාටද?

වෘත්තීය රාජ්‍ය තන්ත්‍රය හා බැඳුන දෙයක්‌. ඒක අපව මෙහෙයවනු ලබන්නක්‌ අප එයට ගෞරවයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා. එහෙත් සැබෑ කලාකරුවෙකු නාට්‍යකරුවකු යනු ස්‌වයංක්‍රීයව ස්‌වකීය හැඟීමෙන්ම සමාජයට ඇලුම්කරන්නෙක්‌. සමාජය පිනවන්නෙක්‌. මං මගේ කලා ජීවිතයෙන් උපරිම තෘප්තියක්‌ ලබනවා. වෘත්තියෙන් පමණක්‌ පෝෂණය වී මේ මහා කලා මාධ්‍යයට සැබෑ නාට්‍යකරුවකු කලාකරුවෙකු වී මෙහෙයක්‌ කිරීම මගේ අරමුණයි.

ඔබේ පෞද්ගලික තොරතුරුත් සඳහන් කරනවා නම්.

මම විවාහ වෙලා ඉන්නෙ ප්‍රවීන වේදිකා හා සිනමා නිළියක වන කමනි අමරසිංහ සමගයි. අපට පුතුන් දෙදෙනෙක්‌ ඉන්නවා. මම දැනට උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු වශයෙන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ සේවය කරනවා. ඉතින් මම සැමට ආරාධනා කරනවා ලබන 19 වැනිදා (අගෝ(19) සවස 6.30 රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන්. මගේ ඉතින් ආයුබෝවන් නාට්‍ය බලන්න ජෝන් ද සිල්වා රඟහලට එන්න කියල.

ධම්මික සල්වතුර
 
 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v