මේ දවස්‌වල අපි

අනුෂාට හින්දි චිත්‍රපටයකට ඇරයුම්

විවිධ චරිත ඔස්‌සේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇති දක්‌ෂ රංගන ශිල්පිණියක්‌ වන අනූෂා දමයන්ති පිළිබඳ දැනගන්න ලැබෙන අලුත්ම ආරංචිය නම් ඇයට ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‌ෂවරයෙක්‌ යටතේ චිත්‍රපටයකට චරිතයක්‌ රඟපාන්න ආරාධනා ලැබී ඇති බවයි.

රංගනයට මෙන්ම නර්ථනයටත් එකසේ දක්‌ෂතා පෙන්වන අනූෂාට ලැබී ඇති මෙම අවස්‌ථාව ලාංකීය රංගන ශිල්පිණියක්‌ ලෙස ඇය ලැබූ සුවිශේෂී සංන්ධිස්‌ථානයක්‌ ලෙසට ඇය සලකයි.
 

අමිලා රංගනයට

සිරස සුපර් ස්‌ටාර්ස්‌ ගායන තරගාවලිය ඔස්‌සේ රසිකයන් අතර ජනප්‍රිය වූ අමිලා නදීශානි ගායන තරුව ගැන ඇගේ රසික රසිකාවියන්ට අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැත. නමුත් ඇය ගැන දැනට තිබෙන අලුත්ම ආරංචිය දැනගැනීමට නම් ඇගේ රසික රසිකාවියන් බොහෝ සෙයින් කැමැත්ත දක්‌වනවා. අපට ලැබුණු අලුත්ම ආරංචිය නම් අමිලාට චිත්‍රපටයක රඟපාන්න ආරාධනා ලැබිලා.

ගම්මානය හැදී වැඩුණු තරුණියක්‌ පසුව ගායිකාවක්‌ ලෙසින් ජනප්‍රිය වන කථා තේමාවක්‌ ඔස්‌සේ ලියෑවුණු මෙම චිත්‍රපටයේ අමිලාගේ ජීවිත කතාවට බොහෝ සෙයින් සමාන බව ඇය පවසනවා. ඒ නිසා මෙම චිත්‍රපටයේ රඟපෑම ඇයට ලෙහෙසි වනු ඇතැයිද ඇය විශ්වාස කරනවා.

ශෂී

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v