නොලැබුණ දේට වඩා ලැබණ දේ මට ගොඩක්‌ වටිනවා
ඩයනා පෙරේරා

ඇය නමින් ඩයනා පෙරේරා. 2005 වසරේදී නේචර් සීක්‍රට්‌ චවිකල්යනි තරගයට ඉදිරිපත් වෙමින් රංගන කේෂත්‍රයේ දොරගුළු විවර කරගන්නා ඩයනා, මුලින්ම රූපවාහිනී තිරය ඔස්‌සේ ප්‍රේක්‌ෂක ඔබ අප හමුවට පැමිණෙන්නේ වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්‌ ලෙසින්. ඒ පල්වයිට්‌, කොහොඹ සබන්, පැනඩෝල්, සන්ටෙල්, ටිගෝ ආදී වෙළෙඳ දැන්aවීම් කිහිපයක්‌ තුළිනි. වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්‌ ලෙසින් ක්‌ෂත්‍රයට පැමිණියත් ප්‍රේක්‌ෂක සිත් තුළට ඇය වඩාත් ලංවූයේ පුංචි තිරයේ "සුධීරා" ලෙසින්.

ඩයනා ඔබ රංගන ශිල්පිණියක්‌ වන්නේ බලාපොරොත්තු වූ මොහොතකද?

ඇත්තම කිව්වොත් ඔව්, කලා කේෂත්‍රයට එන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක්‌ තිබුණ නිසා තමයි චවිකල්යණි තරගයට මම ඉදිරිපත් වුණේ.

ඒ කියන්නේ වෘත්තිය හැටියට තෝරාගන්න හිටියේ රංගනය කියන එකද?

නැහැ. මම පාසල් ගියේ නුගෝගොඩ සමුද්‍රදේවි බාලිකාවට. පාසල් කාලෙදි බලාපොරොත්තු වුණේ බැංකු කේෂත්‍රයේ රැකියාවක්‌ කරනවා කියලා.

එතකොට ඇයි රඟපාන්න හිතුනේ?

උසස්‌ පොළ විභාගය ලියපු දවසේ ඉඳලා බැංකුවක රැකියාවක්‌ හෙව්වා ඒත් හම්බ වුණේ නැහැ. ඊට පස්‌සේ තමයි කලා කේෂත්‍රයට එන්න ඕන කියන ආසාව ඇතිවුණේ.

අද ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිණියක්‌ ද?

ඔව්, මේ වෙනකොට පූර්ණ කාලීනව රංගනය තමයි මම වෘත්තිය හැටියට කරන්නේ. එත් බැංකු කේෂත්‍රයේ රැකියාවක්‌ සෙවීම නම් තාම අත්හැරලා නැහැ.

ඔබ බලාපොරොත්තු වන රැකියාව ලැබුණොත්?

දිගටම රඟපාන ගමන් රැකියාව කරනවා.

ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

හොඳයි. ගොඩක්‌ අය මාව අඳුනගෙන කථා කරනවා. හැමෝටම පොදු කේෂත්‍රයේ ජනප්‍රියත්වය මටත් ලැබිලා තියෙනවා. මම බොහෝ විට ලැබිලා තියෙන දේවලින් සතුටු වෙනවා නොලැබුණු දේට වඩා.

ඒ නිසාද සුධීරාට ලැබුණු ජනප්‍රියත්වයට පස්‌සේ ඔබේ රඟපෑම් දකින්න නොලැබුණේ?

සුධීරගෙන් පස්‌සේ ටෙලිනාට්‍ය කිහිපයකටම කතා කළා. මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒවා භාරගන්තෙ නැහැ.

ඒ මගහැරීම අද ඔබේ ජනප්‍රියත්වයට බාධාවක්‌ නොවේද?

එක පැත්තකින් ඒක එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මොන දේටත් වඩා මම මගේ පෞද්ගලික ජීවිතේට මුල් තැන දෙනවා. අනික රංගන කේෂත්‍රය කියන්නේ ස්‌ථාවර නැති ස්‌ථානයක්‌. ඒ වගේම බොහෝ නවකයන් පිරිසක්‌ නිතරම එකතුවන තැනක්‌. ඒ නිසා මේ කේෂත්‍රයේ ඉන්න ගමන් අනාගතය ස්‌ථාවර කරගන්න පුළුවන් අංගවලින් පරිපූර්ණ වීම මම හිතනවා අපි කාටත් වැදගත් කියලා.

රංගන කේෂත්‍රයේ ස්‌ථාවර වීමට හේතු ලෙස ඔබ දකින්නේ මොනවද?

අනිවාර්යයෙන්ම සහජ දක්‌ෂතාවක්‌ තිබුණත් හැදැරීමක්‌ අවශ්‍යයයි. ඒ වගේම රූපයෙන් ලස්‌සන වෙලා වැඩක්‌ නැහැ. වාසනාවක්‌ තියෙන්නත් ඕන. නැත්නම් ජනප්‍රියත්වය කියන්නේ ලෙහෙසියෙන් ලබාගන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි.

ඔබේ සමකාලිනයන් ඔබට වඩා ඉදිරියෙන් සිටින විටදී දුකක්‌ දැනෙන්නේ නැද්ද?

කොයිම වෙලාවකදිවත් එහෙම දුකක්‌ දැනෙන්නේ නැහැ. මොකද මට ආරාධනා ලැබිලා මමනේ ඒවා භාර නොගත්තේ.

ව්වේකය ගෙවන්න කැමැති මොන විදිහටද?

පවුලේ අයත් එක්‌කයි, මගේ ළඟම ඥතීන් එක්‌කයි විනෝද ගමන් යන්න කැමැතියි. ඒ වගේම චිත්‍රපටි නරඹන්නත් මම ගොඩක්‌ ආසයි. ඒ තුළින් වින්දනයක්‌ වගේම මගේ රංගන ජීවිතේට අවශ්‍ය දැනුමකුත් මට ලැබෙනවා.

රංගන ජීවිතේ ඉදිරි සැලසුම්?

මේ දිනවල නම් වැඩිපුරම මෝස්‌තර නිරූපිකාවක්‌ විදිහට තමයි කටයුතු කරන්නේ. ඉදිරියේදී රූගත කිරීම් අවසන් කළ අංගම් මල් දම්, මල් පිපෙන්නේ හෙටයි ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයක්‌ විකාශය වෙන්න

තියෙනවා.

රංගනයට අමතරව හිත ගිය කලා අංග?

දැනටනම් රංගනය, නිරූපනය තමයි කරන්නේ. ඉදිරියේ රූපවාහිනී ආයතනයකින් ආරාධනාවක්‌ ලැබිලා තියෙනවා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්‌ විදිහට සහභාගි වෙන්න.

රඟපානවට විරුද්ධව බාහිර බලපෑමක්‌ ඇවිත් නැද්ද?

මුලදී නම් තාත්තා කැමැති වුණේ නැහැ මේ ෙක්‌ෂත්‍රයට. ඒත් අම්මා නිතරම මගේ සෙවනැල්ල වගේ ළඟ ඉන්න නිසා ඒ බාධාව දැන් දුරස්‌ වෙලා තියෙනවා. ඒ ඇරෙන්න කියන්න තරම් කවුරුත් බාධාවක්‌ වෙලා නැහැ.

ඒ කියන්නේ යොවුන් ආදරය තවම විදලා නැද්ද?

පෞද්ගලික ජීවිතේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න මම කැමැති නැහැ.

ඒ තරමටම ජීවිතේ එපා වෙලාද?.

අනේ නැහැ. පෞද්ගලිකයි කියලා මම හිතන්නේ ඒක පෞද්ගලිකයි. ඒ නිසා මම ඇරෙන්න ඒ පෞද්ගලිකත්වය වෙන කවුරුත් දැනගන්නවට මම කැමැති නැහැ.

ඔබ ජීවිතේ වෙනසක්‌ දකින්න කැමැති?

විශේෂ අවස්‌ථාවක්‌ කියලා නැහැ. ජීවිතේ හැම විටම තවත් කෙනෙකුට උදව් කරගෙන කේෂත්‍රයේ ඉන්න ගමන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.


ලක්‌මිණී අතුකෝරල
ජායා- සමන් අබේසිරිවර්ධන
 
 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v