කොටි වෙනුවෙන් ලිපි ලියූ
නොර්වීජියානු තානාපතිනිය!

කොටි එජන්ත චාල්ස්‌ ඥනකෝන්

"බලය විමධ්‍යගත නොකළහොත් කොටි සංවිධානය නැවත අරගල ක්‍රියාත්මක කිරීමේ අවස්‌ථා ඇතිවේ. ඇමරිකාවේ සිටින කොටි හිතවාදීන් ඇමරිකානු නීතිරීති බිඳ නොදමන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට හා හිංසාකාරී ක්‍රියා සිදු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට ඉඩ තබන්නේ නැහැ."

- මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක කණ්‌ඩායමට එරෙහිව දියත් වූ යුද මෙහෙයුම් නතර කිරීමට දැඩි ලෙස උත්සාහ කළේ මෙරට සිටි ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ය. සිය උත්සාහයන් ව්‍යර්ථ වූ විට මොහු දැන් අවතැන්වූවන්ගේ කඳවුරුවල සිවිල් ජනතාව අතර සිටින කොටි මිනීමරුවන්ට ද නිදහසේ සැරිසැරීම සඳහා එම කඳවුරුවල සිටි පිරිස මුදාහැරිය යුතු යෑයි කියා සිටියි. කොටි ඝාතන සිදු කරද්දී නිහඬව සිටි ජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානය ද බ්ලේක්‌ගේ මෙම ඉල්ලීමට සහය පළ කර ඇත. කතෝලික රදගුරුවරු දෙදෙනෙක්‌ ද අත්අඩංගුවේ සිටින ජනතාව නිදහස්‌ කළ යුතු යෑයි පවසා ඇත. මෙරට දේශපාලනයට හිටිහැටියේ අවතීර්ණවී මහා ඝෝෂාවක්‌ නඟමින් ක්‍රියා කළ මනෝගනේෂන් නමැත්තා ද රජය වෙතින් ඉල්ලීමක්‌ කරමින් අපේ ජනතාවට නිවාසවලට යැමට ඉඩදෙන්නැයි දන්වා ඇත. එසේම විපක්‍ෂ නායකවරයා මේ අවතැන් වූවන්ගේ කඳවුරු නිසා මෙරට ප්‍රතිරූපයට හානි වන බවද ප්‍රකාශ කර තිබේ. මෙම වාතාවරණය මැද ද්‍රවිඩ සංධානය වෙනුවෙන් රජයට යෝජනාවක්‌ කරන එම සංධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නමැත්තා යාපන අර්ධද්වීපයේ ඇති සියලුම හමුදා කඳවුරු ඉවත් කරන්නැයි ඉල්ලා සිටියි.

එසේම කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කේ.පී. මුදාහරින්නැයි ද ඉල්ලා ඇත. මේ සෑම ඉල්ලීමක්‌ම එකිනෙකට සම්බන්ධ කුමන්ත්‍රණකාරී සැලසුම් බව සනාථ වන්නේ සමූල ඝාතනය වූ කොටි යළි නගාසිටුවීමට උත්සාහ කරන බව පැහැදිලිවම පෙනී යැමෙනි.

එහෙත් උතුරේ ආරක්‍ෂක කටයුතු කිසිසේත් ලිහිල් කරන්නේ නැතැයි ආරක්‍ෂක බලධාරීහු පවසා ඇත. "ත්‍රස්‌තවාදීන් තවමත් ආරක්‍ෂක හමුදා විසින් හඹා යනවා. ඔවුන් අතර බිහිසුණු ක්‍රියාවලට සම්බන්ධ අයත් සිටිනවා. ජනාධිපතිවරයා හා අනිකුත් ප්‍රභූන්ට ද එල්ලවී ඇති ත්‍රස්‌ත තර්ජනය තවමත් නිමවී නැහැ. කේ.පී. නමැත්තා තොරතුරු රැසක්‌ අනාවරණය කර තිබෙනවා. උතුරේ දැනට ඉදිකර ඇති තාවකාලික හමුදා කඳවුරු වෙනුවට ස්‌ථිර හමුදා කඳවුරු ස්‌ථානගත කරනවා යෑයි එකාබද්ධ මෙහෙයුම් මණ්‌ඩලයේ ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා කියා සිටියේය.

මේ අතර කේ.පී. සහ ඔහුගේ සහායක ආනන්දන් ද මේ වන විට කොටි ජාත්‍යන්තර ජාලයට හා කොළඹ ජාලයට සම්බන්ධ රහස්‌ රැසක්‌ අනාවරණය කර ඇත. අප්පුන් නමින් හැඳින්වූ ආනන්දන් ද නම් කීපයක්‌ භාවිත කර ඇතැයි අනාවරණය විය.

මෙලෙස හෙළිවන රහස්‌ නිසා බරපතල ප්‍රශ්නයකට මුහුණපා ඇත්තේ සටන් විරාම ගිවිසුමත් සමගම කොටි සමග දැඩි සම්බන්ධතා පැවැත්වූ ආරක්‍ෂක, පොලිස්‌, ව්‍යාපාරික, එන්.ජී.ඕ. පාර්ශ්වයන්ය.

මේ පාර්ශ්වයන් කිසිවිටෙක කොටි අපරාධකාරී සමාගම සමූල ඝාතනය වන බව හෝ කොටි ආයුධ ජාවාරම්කරු කුමාරන් පද්මනාදන් නමැත්තා අසුවනු ඇතැයි සිතුවේ නැත. මෙය සනාථ වන්නේ අයි.පී.එෆ්. නමැති ප්‍රවෘත්ති සේවාවට ප්‍රකාශයක්‌ කළ තැනැත්තකු කොටි පරාජය වනු ඇති බව හා කොටි නායකයා ඝාතනය වන බවට කිසිදු මාධ්‍යවේදියකු නොසිතූ බව පැවසීමයි. එහෙත් කොටි සහ ප්‍රභාකරන් විනාශ කළ යුතු බව අපි එදා සිටම කියා සිටියෙමු. මේ අතර කේ.පී. විසින් අනාවරණය කළ රහස්‌වලට අනුව මෙරට දේශපාලන කටයුතුවලට මැදිහත්වූ කොටි එAජන්තවරුන් තිදෙනකු පසුගියදා ආරක්‍ෂක බුද්ධි අංශ විසින් හඹායැම අරඹා ඇත. මොවුන් නම් එයාර් සිලෝන් ආයතනයේ හිටපු ගුවන් නියමුවකු වූ ඇමරිකානු කොටි එAජන්ත ජයන්ත ඥනකෝන් සහ ඔහුගේ සොහොයුරු චාල්ස්‌ ඥානකෝන් හා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව පිහිටුවීමේ කමිටුවේ ප්‍රධානියා යෑයි කියන විශ්වනාදන් රුද්‍රකුමාරන්ය.

කොටි එජන්තවරුන් වූ ඥානකෝන් සොහොයුරන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට හා දේශපාලනයට බරපතල අයුරින් මැදිහත්වී තිබෙනවා. සටන් විරාම ගිවිසුමට මුල්වී ඇත්තේ ද මේ දෙදෙනා යෑයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග හෙළි කළේය.

විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදීර්ගාමර් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ විසින් ගල්කිස්‌සේ දී අත්අඩංගුවට ගත් චාල්ස්‌ ඥනකෝන්ව එවකට සිටි කොළඹ අපරාධ විමර්ශන අංශයට භාර දී ඇත. එහිදී එම අංශයේ නිලධාරීහු පැවසුවේ චාල්ස්‌ ඥනකෝන් තමන්ට අවශ්‍ය නැති බවයි.

පසුව මේ කොටි එජන්තවරයා රහස්‌ පොලිසියට භාරදී තිබිණි. රහස්‌ පොලිසියේ එදා සිටි නිලධාරීහු ඔහුට ඉහළම සැලකිලි ලබාදුන්නා. චාල්ස්‌ ඥනකෝන්ගේ කාමයරට විදුලි පංකාවක්‌ මෙන්ම විස්‌කි බෝතලයක්‌ ද සපයා තිබිණි. මේ තොරතුරු අපි එදා අනාවරණය කළෙමු. ඥනකෝන් ගැන සොයනු වෙනුවට එවකට සිටි රහස්‌ පොලිසිය සොයා බැලුවේ ඥනකෝන්ට ලබාදුන් පහසුකම් ගැන තොරතුරු සැපයුවේ කවුද යන්නයි.

සති දෙකකට පසු රහස්‌ පොලිසිය චාල්ස්‌ ඥානකෝන්ට චෝදනා නැතැයි කියමින් අධිකරණයට වාර්තා කිරීමෙන් ඔහු නිදහස්‌ විය. රහස්‌ පොලිසියේ දී ඥනකෝන්ගේ ඇඟට අතක්‌ පවා තැබුණේ නැත. කොටි සංවිධානය විසින් ලක්‌ෂ්මන් කදීර්ගාමාර් ඝාතනය කරන්නේ නැති බවට කදීර්ගාමර් හමුවී දැනුම් දුන් චාල්ස්‌ ඥනකෝන් එලෙස නිදහස්‌ විය.

මෙහිදී චාල්ස්‌ ඥනකෝන් අත්අඩංගුවට ගැනීමට හමුදා කණ්‌ඩායමක්‌ මෙහෙයවූ කොළඹ හමුදා බුද්ධි අංශ නිලධාරියා එකී ධුරයෙන් ඉවත් කර වෙනත් තනතුරකට මාරු කෙරිණි.

කොටි සංවිධානය එකල බලවත් වූ අයුරු මින් සනාථ නොවන්නේද? එහෙත් කේ.පී. හා ඔහුගේ සහායක ආනන්දන් අසුවීමෙන් කදීර්ගාමර් ඝාතනය හා ඥානකෝන්ගේ රහස්‌ මෙහෙයුම් දැන් අනාවරණය වී ඇත.

චාල්ස්‌ ඥනකෝන් තම රහස්‌ ක්‍රියාදාමයන් සඳහා වැල්ලවත්තේ හැම්ටන් පටුමඟේ නිවසක සිට රතුකුරුස ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් ස්‌වෙච්ඡා සංවිධානයක්‌ ද මෙහෙයවනු ලැබීය.

මේ සඳහා ඔහු ස්‌මිට්‌ නමින් හඳුන්වන ඔස්‌ටේ්‍රලියානු යුවළක්‌ ද ගෙන්වාගෙන තිබිණි. මේ යුවළ ද එකී විශේෂ හමුදා කණ්‌ඩායම විසින් අත්අඩංගුවට ගනු ලැබුවත් පොලිසිය විසින් නිදහස්‌ කෙරිණි.

මෙම ස්‌මිට්‌ යුවළ මෙරට සහන සේවා කටයුතුවල නිරතවන බවට ලිපියක්‌ ද දී තිබුණේද රජයේම දේශපාලනඥයෙකි. ඔහු ජාඇල දී බෝම්බයකට ගොදුරු විය.

මෙකී කොටි එජන්ත චාල්ස්‌ ඥානකෝන් නමැත්තා එකල ඇතැම් දේශපාලකයන් සමග කොතරම් සමීප සබඳකම් පැවැත්වූවාද කිවහොත් එදා සිටි රජය කොටි සමග පැවැත්වූ සාම සාකච්ඡාවලට සහභාගි වන ලෙස ඉල්ලමින් පළමු පංතියේ ගුවන් බලපත්‍රයක්‌ ද ලබාදී ඇත.

චාල්ස්‌ ඥනකෝන් වැල්ලවත්තේ සිට දියත් කළ කොටි මෙහෙයුම් ගැන අපි එදා ආරක්‍ෂක විශේෂාංගයෙන් හෙළි කළත් රජය නිහඬ විය. ශ්‍රී ලංකා පොලිසිය පවා චාල්ස්‌ ඥනකෝන්ගේ දේශපාලන සබඳතා නිසා ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූයේ නැත.

එහෙත් කේ.පී. සහ ඔහුගේ සහායක ආනන්දන්ගෙන් පසු ශ්‍රී ලංකා රජයට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව පිහිටුවීමේ කමිටුවේ ප්‍රධානී විශ්වනාදන් රුද්‍රකුමාරන් මෙන්ම ඥනකෝන් සොහොයුරන් ද අවශ්‍ය වී තිබේ. මේ නිසා වඩාත්ම කලබලයට පත්වී ඇත්තේ ඇමරිකාවේ කොටි හිතවාදීන්ය. මේ කොටි කණ්‌ඩායම ටැමිල් පොලිටිකල් ඇක්‌ෂන් කවුන්සිල් නමැති සංවිධානයක්‌ ආරම්භ කර කොටි බේරාගැනීමට උත්සාහ කළ රොබට්‌ බ්ලේක්‌ සහ ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා කළහ. මොවුන් කොළඹ සිට සම්බන්ධ වූයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී ෙ-ම්ස්‌ මුරේ හා ඇමරිකානු ආධාර ක්‍රමයේ අධ්‍යක්‍ෂිකා රෙබෙකා කොනන්ය.

මෙහිදී කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන් පැහැරගෙන යැමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කිරීම නිසා ඊළාම් ප්‍රජාවේ අනිකුත් නායකයන්ට ද තර්ජනයක්‌ එල්ල වී ඇතැයි ඔවුහු කියා සිටියහ. මෙයට ප්‍රතිචාර ලෙස රොබට්‌ බ්ලේක්‌ පැවසුවේ ඇමරිකාවේ සිටින කොටි හිතවාදීන්ට එරෙහිව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට ඉඩ නොදෙන බවයි.

එහෙත් මේ වන විට කැනඩාව, බ්‍රිතාන්‍ය, ඔස්‌ටේ්‍රලියාව, ඇමරිකාව, මැලේසියාව, ජර්මනිය, සිංගප්පූරුව, ස්‌විට්‌සර්ලන්තය, ප්‍රංශය, නෝර්වේ, නවසීලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, දකුණු අප්‍රිකාව යන රටවල සිටින කොටි එAජන්තවරුන්ගේ ලැයිස්‌තුව ආරක්‍ෂක බලධාරීන් අතට පත්වී තිබේ. මින් නෝර්වේ කොටි එජන්ත ලෙස ක්‍රියා කරන්නේ පෙරිම්පනායගම් සිවපාරන් හෙවත් නෙදියවන්ය. ප්‍රභාකරන් මෙන්ම දරුණු තැනැත්තකු වූ නෙදියවන්ය.

තායිලන්තයේ සතාහිප් නුවරදී කොටි හා රජය අතර පැවැති සාම සාකච්ඡාවලට සම්බන්ධ කොටි කණ්‌ඩායමට නෙදියවන් ද ඇතුළත් විය. නෝවීජියානු සංවර්ධන අමාත්‍ය එරික්‌ සෝල්හයිම් මේ නෝවීජියානු කොටි එAජන්තවරයා ගැන හොඳින් දනී. සටන් විරාම කමිටුවේ ප්‍රධානියාව සිටි ට්‍රොන්ඩ් පුරුහොව්දේගේ මෙහෙයවීමෙන් නෝර්වේහි රේගු විශේෂ බළකා කඳවුරට ගිය කොටි කණ්‌ඩායමට නෙදියවන් ද ඇතුළත් විය. මොහු විවාහ වී සිටින්නේ සිවගෞරි නමැත්තිය සමගය. ඇගේ පියාගේ සොහොයුරු ඥානමෝහන් ප්‍රභාකරන්ගේ සමීපතම සගයෙකි. ඔහු යාපනය ප්‍රදේශයේදී යතුරුපැදියකින් යද්දී හමුදා ප්‍රහාරයකට ලක්‌වී මරුමුවට පත්විය. මේ අතර බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාවට සැපයූ ඇතැම් ආයුධ කොටි පරාජය කිරීම සඳහා යොදාගත්තේ ද යන්න ගැන සොයා බලන්නැයි බ්‍රිතාන්‍යයේ සිටින කොටි හිතවාදී මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් එරට අවි ආයුධ පිළිබඳ කමිටුවෙන් ඉල්ලා ඇතැයි මෙරටට වාර්තා විය.

පසුගිය අගෝස්‌තු 5 වැනිදා යුරෝපා කොටි වෙබ් අඩවියේ හිටපු හමුදා කර්නල්වරයකු අධිකරණය වෙතින් කළ ඉල්ලීමක්‌ ගැන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් විය. මෙම ඉල්ලීම වූයේ අතුරුගිරියේ මිලේනියම් සිටි දිගුදුර නිවාස බළකාය පාවාදීමේ සිද්ධියට සම්බන්ධ විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙසයි. එහෙත් ශේ්‍රෂ්ඨාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. 2002 වසරේ ජනවාරි 2 වැනිදා මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල නමැත්තා අතුරුගිරියට ගොස්‌ මෙම දිගුදුර විහිදුම් කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් එකී කණ්‌ඩායමේ සියලු රහස්‌ අනාවරණය විය. මේ මහා පාවාදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කොමිසමේ වාර්තාවට අනුව හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා වූ ඉහත කී කර්නල්වරයා 2001 මහා මැතිවරණයට පෙර මෙකී දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවසේ ලිපිනය දැන ගැනීමට දැඩි ලෙස උත්සාහ කර ඇත.

මේ අතර වවුනියාවේත් කොළඹ බම්බලපිටියේත් ක්‍රියාත්මක වූ ශ්‍රී ටෙලෝ (ශ්‍රී දෙමළ ඊළම් විමුක්‌ති සංවිධානය) පසුගිය 15 වැනිදා සිට වෙස්‌මාරු කර තිබේ. මෙම සංවිධානය පුදියනායගම් නමින් හැඳින් වුවත් එහි නායකයන් නෝර්වේ ගොස්‌ නතර වන්නේ කොටි හිතවාදීන්ගේ නිවාසවල යෑයි අනාවරණය වී ඇත.

කොටි සංවිධානය පරාජයවීමෙන් පසු ශ්‍රී ටෙලෝ සංවිධානය හා එහි නායක දුෂ්‍යන්තන් බැටළුහම පොරවාගෙන සිටින බව ආරක්‍ෂක බලධාරීහු තේරුම්ගත යුතුය.

ඉන්දුනීසියානු ජාතිකයකු විසින් මෙහෙයවන ඉන්ටර්නිවුස්‌ නමැති ජාත්‍යන්තර ස්‌වෙච්ඡා සංවිධානය අවතැන්වූවන් සඳහා යෑයි කියමින් දැන් මෙහෙයුමක්‌ දියත් කර තිබේ.

ඉන්ටර් නිවුස්‌ ආයතනයේ ප්‍රධානියකු සාවද්‍ය තොරතුරු විකාශය කිරීම නිසා පසුගියදා මෙරටින් පිටුවහල් කෙරිණි. එහෙත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ද්‍රවිඩ සේවාව ද සම්බන්ධ කරගෙන මෙම එන්.ජී.ඕ. සංවිධානය අවතැන්වූවන් වෙනුවෙන් විකාශය කරන්නේ කුමන ප්‍රචාරයක්‌ ද? අවතැන්වූවන්ගේ කඳවුරුවල කොටි ත්‍රස්‌තයන් ද සිටින අවස්‌ථාවක මේ විදේශ එන්.ජී.ඕ. සංවිධානය අවතැන්වූවන්ගේ හඬ ශ්‍රවනය වීමට ඉඩ සලසන බවද පවසයි.

මේ නිසා ආරක්‍ෂක බලධාරීන් කොළඹ සිට වවුනියාවටත් එතැන් සිට මාතරටත් ව්‍යාප්ත වී ඇති මේ සංවිධානයේ රහස්‌ මෙහෙයුම් ගැන විමර්ශනය කළ යුතුව ඇත.

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක සමාගම බේරාගැනීම සඳහා නෝර්වේ රාජ්‍යය උත්සාහ කළ අයුරු සනාථ වන තොරතුරු ජර්මනියේ ද ස්‌විජල් සඟරාවේ පළවූ රහස්‌ වාර්තාවකින් හෙළි විය.

එක්‌සත් ජාතීන්ගේ නෝර්වේ තානාපතිනි මෝනා ජුල් නමැත්තිය විසින් ලියා තිබූ මෙම රහස්‌ වාර්තාවෙන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කොටින්ට එරෙහිව දියත් වූ හමුදා මෙහෙයුම නතර කිරීමට කටයුතු නොකිරීම ගැන දෝෂාරෝපණය කර ඇත.

බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් මෙම යුද මෙහෙයුම නතර කිරීමට දැරූ උත්සාහයේදී එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා එම පිළිවෙතට සහාය නොදැක්‌වීම ගැන ඇය වැඩිදුරටත් චෝදනා නඟා තිබේ.

ඊශ්‍රායල්-පලස්‌තීන සාම ගිවිසුම ඇති කිරීමට මුල් වූ මෝනා ජුල් නමැත්තිය ඊශ්‍රායල් සාම සංවිධානයකින් තෑග්ගක්‌ ලබාගැනීම ගැන ද පසුගිය කාලයේ චෝදනාවට ලක්‌ විය.

කොටි රූකඩයක්‌ වූ ලන්ඩනයේ බී.බී.සී. සංදේශය සේවාව මේ සතියේ තවත් කොන්ත්‍රාත්තුවක්‌ ආරම්භ කළේය. එA වසර කීපයකට පෙර ෙච්ම්මනි සමූහ මිනීවළ ගැන හුවා දැක්‌වූ ආකාරයටම මඩකලපුවේ කල්ලඩි මිනීවළක්‌ ගැන ප්‍රචාරය කිරීමය.

මෙවැනි තොරතුරු හෙළිවෙද්දී අවතැන්වූවන්ගේ කඳවුරුවල සිටින 28,0000 ක පිsරිස මුදාහරින්නැයි ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇත. එහෙත් එකී ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

මේ අතර කේ.පී. තවත් රහසක්‌ හෙළි කළේය. එ කොටින්ට අන්තර්වාර පාලනය ලබාදීම සඳහා වූ කමිටුවක සේවය කරන ලෙස 2003 පැවැති රජය මැලේසියානු මහාචාර්ය පී. රාමසාමිට ඇරයුම් කළ බවයි. රාමසාමි නමැත්තා හත් වතාවක්‌ම වන්නියට පැමිණ කොටි නායකත්වය සමග රහස්‌ සාකච්ඡා පැවැත්වූ බව කේ.පී. විසින් තවදුරටත් හෙළි කරනු ලැබීය. මේ බෙදුම්වාදී මහාචාර්යවරයා දැන් මැලේසියාවේ පිනාග්aන්හි නියෝජ්‍ය මහ ඇමැතිවරයායි.

මේ අතර අවතැන්වූවන්ගේ කඳවුරුවල සිටින පිරිස්‌ මුදාහැරීමට දේශීය හා විදේශීය බලවේගවලට අවශ්‍ය වී ඇත. මෝසම් වර්ෂාව නිසා මේ කඳවුරු අපායක්‌ වනු ඇතැයි ඇමරිකාව ද කියා සිටියි. මේ කඳවුරු අපායක්‌ නම් මේ පිරිස්‌ ප්‍රභාකරන් සමග එක්‌ව යුද මුක්‌ත කලාපයේ සිටියේ කෙසේද?

තමිල්නාඩුවේ කොටි ආධාරකරුවකු වූ වයිකෝ පෙරේදා තමිල්නාඩු ජනතාවගෙන් ඉල්ලීමක්‌ කරමින් අලුත උපදින දරුවන්ට ප්‍රභාකරන්ගේ නම තබන්නැයි ඉල්ලා ඇත. එහෙත් තමිල්නාඩු ජනතාව ඊට සවන් දෙයිද?

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v