සම්පත් බැංකුව යාපනයට පිවිසෙයි

සම්පත් බැංකුව මෙරට බැංකු ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක්‌ මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් තුළට සමීපතම සෑබෑ දේශීය බැංකුවක්‌ ලෙස ද හැඳින්විය හැකිය. 1987 වර්ෂයේ ආරම්භ කළ සම්පත් බැංකුවේ ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් මෙම 24 වෙනිදා යාපනය බැංකු ශාඛාව විවෘත කරනු ලබයි.

සම්පත් බැංකුව යාපනයට පිවිසීම සම්බන්ධයෙන් එම බැංකුවේ විධායක අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී හැරිස්‌ ප්‍රේමරත්න මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන නිල් බෝගහලන්ද මහතා සමග කළ සාකච්ජාවක සටහන් මතු දැක්‌වේ.

සම්පත් බැංකුව යාපනයට යන්න තීරණය කළේ ඇයි?

සම්පත් බැංකුව ආරම්භ කරලා මේ වනවිට අවුරුදු විසි දෙකයි. මේ දක්‌වා එම ප්‍රදේශවල පැවති තත්ත්වය නිසා යාපනයේ සහ නැගෙනහිර පළාතේ ශාඛා තිබුණේ නැහැ. දැන් යුද්ධයේ නිමාවත් සමග ඒ ප්‍රදේශවල ජනතාවට නවීන බැංකු සේවා ලබාදීමට අපට පුළුවන්.

යාපනයට සම්පත් බැංකුවේ එක්‌ ශාඛාවක්‌ පමණක්‌ ප්‍රමාණවත් වේවිද?

නැහැ. අපි 24 වෙනිදා ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණා. නමුත් ඒ 9 පාර විවෘතවීම ප්‍රමාදවීම නිසා අපේ සැලසුමත් පමාවුණා. ඉතිරි ශාඛා නෙල්ලිඅඩි, මනිපායි, චාවාකච්ෙච්රි, චන්කානෙයි සහ චුන්නාකම් යන ප්‍රදේශ වල ලබන මාසය වෙද්දී විවෘත කරනවා.

යාපනය හැර උතුරු හා නැගෙනහිර සම්පත් බැංකු ශාඛා පවත්වාගෙන යනවාද?

ඔව්. වවුනියාව, මන්නාරම, මඩකලපුව, කල්මුනේ, ත්‍රිකුණාමලය, කාන්තන්කුඩි සහ සමන්තුරේ යන නගරවල අප දැනටමත් සම්පත් බැංකු ශාඛා ක්‍රියාත්මකයි. සයින්දමරුදු ප්‍රදේශයෙත් අප ළඟදීම අපේ ශාඛාවක්‌ විවෘත කරනවා. ඉදිරි සෑම මාසයකදීම බැංකු ශාඛා තුන බැගින් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ශාඛා සියල්ල විවෘත කළපසු නැගෙනහිර පළාතේ වැඩිම ශාඛා ප්‍රමාණයක්‌ ඇති බැංකුව ලෙස සම්පත් බැංකුව ඉතිහාසගත වෙනවා.

යාපනය බැංකු ශාඛාවට කාර්ය මණ්‌ඩලය තෝරා ගන්aනේ කෙසේද?

අපි තීරණය කළා කාර්ය මණ්‌ඩලය සඳහා ඒ පළාතේ තරුණ තරුණියන්ටම අවස්‌ථාව ලබා දෙන්න. යාපනේ ඉපදී එහිම හැදී වැඩුනු අධ්‍යාපනය ලබපු තරුණ පිරිස කෙරෙහි අපේ අවධානය යොමු කළා. අප තෝරාගත් කාර්ය මණ්‌ඩලයෙන් 100% ක්‌ම යාපනයේ අය. පළමුවෙන්ම යාපනයට ගියේ සම්පත් බැංකුව නිසා හොඳම තරුණ පිරිස අපට ලැබුණා. අපට අයදුම් පත් 2000 ක්‌ පමණ ලැබුණා. එයින් 665 ක්‌ අප තෝරා ගත්තා. පසුව ඔවුන්ගේ නම් එම ස්‌ථානයේම ප්‍රදර්ශනයට තැබූවා. මේ 665 දෙනා යාපනයේ හින්දු විද්‍යාලයට කැඳවලා අපි තනි තිනිව ඔවුන්ට කතා කළා. සම්මුඛ පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතු ආකාරය පිළිබඳ ජාත්‍යන්තර මට්‌ටමේ දැනුමක්‌ ඔවුන්ට ලබාදී ඉන් 235 දෙනකු තෝරා ගත්තා. ඒ අයගෙන් 27 දෙනකුට දැන් අපි කොළඹ දී පුහුණුව ලබා දෙනවා. සිංහල අය සමග ඔවුන්ව මිශ්‍ර කළා. මාතර නුවර වැනි පළාත්වලට ගොස්‌ ඔවුන්ට අත්දැකීම් ලබා දෙන්න අප කටයුතු කරනවා. ඊට අමතරව පොලිස්‌පතිතුමාගේ සහාය ඇතිව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු මගින් ආරක්‍ෂාව පිළිබඳ මේ අයට උපදෙස්‌ ලබාදුන්නා. අප තෝරාගත් මේ පළමු කණ්‌ඩායමෙන් 16 දෙනෙක්‌ උපාධිධාරීන් අනෙක්‌ 11 දෙනා උසස්‌ පෙළ සමත් අය.

සම්පත් බැංකුවේ යාපනය ශාඛාවේ ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

අප පසුගිය කාලය පුරා අපගේ සියලුම ගනුදෙනුකරුවන්ට අලුත් පහසුකම් බොහොමයක්‌ හඳුන්වා දුන්නා. ඒවා සාමාන්‍යයෙන් වාණිජ බැංකු විසින් සම්ප්‍රදායිකව ලබාදෙන ප්‍රතිලාභ වලට වඩා වෙනස්‌ දේ. මුදල් තැන්පතුව කරන අවස්‌ථාවේදීම ගනුදෙනුකරුවාගේ අතට පොලිය ලබාදෙන "සම්පත් කලින් කෑෂ්" සේවාව. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සති දෙකෙන් දෙකට පොලිය ලබාදෙන "සංහිද" ගිණුම රු. 25,000/- ට 24% ක පොලියක්‌. ලබාදෙනවා. තවද, රන්භාණ්‌ඩ උකස්‌ කිරීමේ දැනට පවතින පොලි අනුපාතය සම්පත් බැංකුව ප්‍රථම වරට එය 6% කින් අඩුකර 18% දක්‌වා පහතට ගෙන ආවා. දැන් අනෙක්‌ බැංකුත් ඒ ප්‍රතිශතය දක්‌වා උකස්‌ පොලිය ගෙනැවිත් තිබෙනවා. කෙනෙක්‌ තමන් රන් භාණ්‌ඩයක්‌ උකස්‌ තබන්න බැංකුවට එන්නේ යම් ප්‍රශ්නයකට මුහුණ දුන් අවස්‌ථාවකදීයි. එනිසා ඒ අයගෙන් ලබාගත යුත්තේ අඩු පොලියක්‌. මේ උකස්‌ පොලී අනුපාතිකය අඩුකිරීමේ වාසිය උපරිමයෙන් ලබා ගන්නේ සම්පත් බැංකුවේ නැගෙනහිර පළාත් ගනුදෙනුකරුවන්. අපි සෙසු ශාඛාවල ගනුදෙනුකරුවන්ට වගේම යාපනේ ගනුදෙනුකරුවන්ටත් සමානව සහන සලසනවා. අඩු පොලියට ණය ලබාදීමටත් අප කටයුතු කරනවා. ලීසිං සහ නිවාස ණය වගේම අඩපණවී තිබූ ධීවර කර්මාන්තය නගාසිටුවීමටත්, කෘෂිකර්මාන්තයේ දියුණුවටත් සම්පත් බැංකුවෙන් උදව් කරනවා. ඒ වගේම ස්‌වයංක්‍රීය ටේලර් සේවාවන් (Aඔඵ) පවා යාපනේ ගනුදෙනුකරුවන්ට හිමිවෙනවා. සම්පත් බැංකුව ජාත්‍යාන්තර ආයතන 29 ක්‌ සමග කටයුතු කරනවා. ඒ ඔස්‌සේ විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයන මුදල් සඳහා අනේවාසික විදේශ මුදල් ගිණුම් (භRFC) පහසුකම් යාපනයේ ජනතාවටත් හිමි වෙනවා.

සම්පත් බැංකුව යනු සිංහල බෞද්ධ බැංකුවක්‌ ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ. එවන් බැංකුවක්‌ යාපනයට යැම විශේෂත්වයක්‌ නොවේද?

ඒ වගේ ප්‍රතිරූපයක්‌ තිබේනවා නමුත් සම්පත් බැංකුව ජාතික බැංකුවක්‌. එවන් ජාතික බැංකුවක්‌ එක ජන කොට්‌ඨාසයකට පමණක්‌ සීමා කිරීම, රටේ දියුණුවට බාධාවක්‌. සම්පත් බැංකුව කියන්නේ සැමවිටම හොඳ හිත පතුරුවන සැමටම සමානව සේවා සලසන බැංකුවක්‌. ලංකාවේ සෑම පළාතකම සියලුම ජනතාවට සහන සලසන බැංකුවක්‌ ලෙස සම්පත් බැංකුව ඉදිරියටම යනවා. එමනිසා සම්පත් බැංකුව යාපනයට යන එක සුවිශේෂයි.

අජිත් අලහකෝන්
ඡායා - කමල් බෝගොඩ

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v