|
|
|
|

වන්නියට හා උතුරට
ඩයලොග් පිවිසෙයි
අජිත් අලහකෝන්
කිළිනොච්චිය, මුලතිව් ඇතුළු උතුරේ මුදාගත් ප්‍රදේශ කිහිපයකට
ඊයේ (12 දා) සිට ඩයලොග්a ටෙලිකොම් සේවා පහසුකම් ලබා දෙන ලදී.
රජය විසින් දියත් කර තිබෙන දින අනූවක් තුළ මුදාගත් ප්‍රදේශවලට
සේවා සැපයීමේ වැඩපිළිවෙළට සහාය දක්‌වමින් ඩයලොග් ටෙලිකොම්
උතුරේ ජනතාවට සහ ආරක්‍ෂක අංශ සාමාජිකයන් වෙත පිවිසි බව ඊයේ
පැවති මාධ්‍ය හමුවකදී ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන විධායක
ආචාර්ය හාන්ස් විඡේසූරිය මහතා ප්‍රකාශ කළේය.
ඩයලොග් ටෙලිකොම්හි කොළඹ ජාල මෙහෙයුම් මධ්‍යස්‌ථානයේදී ආචාර්ය
හාන්ස් විඡේසූරිය මහතා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ
සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ
ප්‍රධන සංඥ නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා විසින්
මෙම සේවාව සක්‍රීය කිරීමේ කටයුත්ත ඊයේ පෙරවරුවේ සිදුකළහ.
අනතුරුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ප්‍රවෘත්ති
සාකච්ඡවේදී ආචාර්ය හාන්ස්
විඡේසූරිය මහතා විසින් කිළිනොච්චිය මුලතිව් ඇතුළු උතුරේ
මුදාගත් ප්‍රදේශවලට ඩයලොග් ටෙලිකොම් සේවාව ලබාදීමේ නිල නිවේදනය
ප්‍රකාශයට පත් කළේය.
කිළිනොච්චිය, මුලතිව්වලට අමතරව මාන්කුලම්, පුනරීන්, අලිමංකඩ,
තුනුක්‌කායි සහ මඩු යන ප්‍රදේශවලට ද ඊයේ ඩයලොග් ටෙලිකොම් ජංගම
දුරකථන පහසුකම් පිවිසි අතර, උතුරේ සෙසු ප්‍රදේශවලට ද කඩිනමින්
මෙම ආවරණය ලබාදීමේ කටයුත්ත සිදුකරන බව ආචාර්ය හාන්ස්
විඡේසූරිය මහතා පැවැසීය. ඒ සඳහා ඉදිරියේදී කුළුණු හැටක්
ඉදිකිරීමට ද තීරණය කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම සේවාව උතුරු පළාතට ලබාදී ඇත්තේ 2009 මැයි 18 වන දින එම
පළාත් ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු දින 90 ක කාලය
ගෙවී යැමට පෙරය. එය එම පළාතෙහි යටිතල පහසුකම් සංවර්ධනය සහ
පුරවැසි සේවාවන් ලබාදීමේ සීග්‍ර වර්ධනය පෙන්නුම් කරනු ලබයි.
|
|
|
|