|
|
|
|

සිරම්බි අඩියේ කාපිරි ඇත්තන් කරන
හපන්කම්
සිය
දරුවන්ට නර්තන උගන්වන අයුරු.
ග්‍රෝතික සමාජ මනස හා ශිෂ්ටාචාරික චර්යා රටාව අතර ඇති සිවිල්
සමාජයේ පවතින සමාජ ගැටුම හමුවේ ලාංකීය සමාජය තුළ විවිධ ජන
කොටස් සම්බන්ධව මතිමතාන්දර ගොඩනැගී ඇත. එවැනි විවාද සම්පන්න
කථිකාවක් ගොඩනැඟුණු පුත්තලම, සිරම්බිඅඩිය ප්‍රදේශයේ ජීවත්වන
කාපිරි ජන කොටස එවැන්නකි.
අප්‍රිකානු ජන අනන්‍යතාවක් සහිත මෙම ජන කොට්‌ඨාසය පෘතුගීසි
සමයේදී ලංකාවට පැමිණ ඇති බවට සැලකේ. මොසැම්බික් දූපත, උගන්ඩා,
මැඩගස්‌කර්වලින්ද කාපිරි ජාතිකයන් දෙදහසක් පමණ ලංකාවට පැමිණ
තිබේ. මොවුන් හමුදා සේවයට අමතරව ප්‍රභූ පවුල්වල මෙහෙකාර සේවයේද
යෙදී සිට ඇත. 1 වන ලෝක යුද සමයේදී ද විශාල වශයෙන් ලංකාවට පැමිණ
තිබේ.
නර්තන
කණ්‌ඩායම
1796 දී ලන්දේසීන් ලංකාව යටත් කර ගැනීමෙන් පසුව කාපිරි ජනයා
සිරකරුවන් බලා ගැනීම, කච්ෙච්රිවල පහළ රැකියා, තැපැල්මලු රැගෙන
දිවීම, සුද්දන්ට පවන් සැලීම යන රාජකාරී සිදුකොට තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී තුන්වන රයිෆල් බලකාය මුළුමනින්ම
කාපිරි ජන කොටසින් සැදුම්ලන්නට වූ අතර කොළඹ, නුවර මහා මාර්ගය
තැනීමේදී ද මෙම ජන කොටසේ දායකත්වය ඉමහත්ය. යුද සමය නිමාවීමත්
සමඟ පුත්තලමේ ඉංග්‍රීසි බලකොටුව වසා දමන ලදී. අනතුරුව ලුණු
ලේවායේ අවට කැලෑබද ප්‍රදේශ ආශ්‍රිතකොට ගෙන මෙම ජන කණ්‌ඩායම
ජීවත්වූහ.
1815 දී අප්‍රිකාවේ මෙසැම්බික් රටින් ස්‌පාඤ්ඤයට ඩොලර් 125
ක් මාසික වැටුපට කාපිරි ජනයා 150 ක් ගෙන්වාගෙන ඇත. ගන්නෝරුව
පරංගි හටනේදී පෘතුගීසි හමුදාවේ සේවය කළ කාපිරි භටයෙකු රාජසිංහ
රජුගේ හිස් වැස්‌ම පසාරු කර ගෙන යැම සඳහා වෙඩිල්ලක් තබා ඇති
බවට ජනප්‍රවාදයේ පැවත එයි. 1915 දී සිංහල මුස්‌ලිම් ගැටුම
සංසිඳවීම සඳහා මෙම ජන කණ්‌ඩායමේ සේවය ලබාගෙන තිබේ.
1945 දී වහල් සේවය තහනම් කිරීමත් සමගින් කාපිරි ජනයා බොහෝ දෙනා
නැවත මව් රටට ගිය අතර ඉතිරි පිරිස් පුත්තලම, කොළඹ, මඩකලපුව,
ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අදටත් සුළු වශයෙන් ජීවත් වෙති.
මේ අතීත පුරා මතකය සොයා අපි පුත්තලම, සිරම්බිඅඩිය ගමට සේන්දු
වූයෙමි.
1891 දී මේ ප්‍රදේශයේ ජන සංඛ්‍යාව 21 වූ අතර 1903 දී 63 ක්
දක්‌වා වර්ධනය විය. අද වනවිට පවුල් විස්‌සක් (20) ක් පමණ
සිරම්බිඅඩිය ප්‍රදේශයේ ජීවත් වෙති. සිරම්බි යන වචනය ද්‍රවිඩ
භාෂාවේ ව්‍යවහාර වන අතර එහි අර්ථය ගස උඩ පැල යන අදහසයි.
කාපිරි ජනයාගේ මුල් ගම් ප්‍රදේශවන උගන්ඩා හා මැඩගස්‌කර
ප්‍රදේශවල විවාහ රටාවේ සුවිශේෂත්වයක් පැවතියේය. ගවයන් අට
දෙනෙකු ලබාදී එක් භාර්යාවක් ලබා ගැනීම එම විශේෂත්වයයි. පස්
හය දෙනෙකු එසේ ගවයන් ලබාදී විවාහ කර ගන්නා අතර එක් සුළු
සිද්ධියකදී පවා දික්‌කසාදය සිදුකොට ගවයන් නැවත ලබා ගනිති.
එහෙත් සිරමිබි අඩියේ කාපිරි ජන කොටස බහු බාර්යා විවාහ රටාව
අනුමත නොකරති. මුල් කාලයේ විවාහ වීමේදී සිය මව් රටෙන්
කාන්තාවන් සමඟ විවාහ වූ අතර පසුව සිංහල, ද්‍රවිඩ යන වර්ගවල
පුද්ගලයන් සමඟ මිශ්‍ර විවාහ රටාවට එකතු වූ බව ද වාර්තා වී
තිබේ. විශේෂයෙන් මෙම විවාහවලදී සෘජුවම නිග්‍රෝ ලක්‌ෂණ නොපවත්වන
අතර තොල් හා කොණ්‌ඩය වෙනසක් නොපෙන්වයි.
කාපිරි ජන කොටස විවාහය සිදුකරනු ලබන්නේ දේව මධ්‍යස්‌ථානය
මුල්කොට ගෙනය. ආශිර්වාද දේව මෙහෙය පවත්වනු ලබන්නේද කාපිරි භාෂා
මංගල්‍ය ගීතය ගායනා කරමිනි. මෑතක්‌වන තුරු ඉතා භක්‌තිමත්
කතෝලිකයන් ආවාහ විවාහ කර ගැනීම සාම්ප්‍රදායක් වශයෙන්
පැවැතියේය.
විශේෂයෙන් මංගල අවස්‌ථාවේදී "මන්ජා" ගීතය ගායනා කරයි. මන්ජා
යනු මංගල්‍යය යන අර්ථය වේ.
"සිඤ්ඤොaර් සන්තන්තෝනි සුව වෙලන
මව් මේලන මව් සවෝයා
ආසිත චුන්ඩේ....//
බොරුක චුන්ඩේ....//
යසයි සොරා පුලිත කොන්ඩේ
ඔසේ සිතූ කෙර් නාම්
පරමා යොවල බුරුෂා පුමුසැරි
යනුවෙන් මංගල ගීය පටන් ගෙන උච්ච ස්‌වරස්‌තලය දක්‌වා ගායනා කරන
අතර පැය භාගයක් පමණ මෙම ගීය ගායනා කරනු ලැබේ.
කාපිරි ජනයා වැඩි ප්‍රමාණයක් රැකියා නොකරන අතර ලුණු ලේවායේ.
බැංකු, රෝහල්වල, මේසන් වැඩ වැනි වෘත්තීන්වල සුළු පිරිසක්
සේවයේ යෙදී සිටිති. වැඩි ප්‍රමාණයක් තවමත් පොල් කැඩීම, පොල්
අතු විවීම, කුලී වැඩ, කොහුමෝල්වල වැඩට යැම වැනි වැඩවල නිරතව
සිටිති.
සිරම්බිඅඩියේ කාපිරි ජනයාට විශේෂිත වූ සංස්‌කෘතියක් ඇත. එය
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, සිංහල මිශ්‍ර වූ සංස්‌කෘතියකි.
වර්තමානයේ මොවුන් ගායනා කරන ගීත හා නර්තනයන් ප්‍රේක්‌ෂකයා
අමන්දානයට පත් කිරීමකි. සංගීත භාණ්‌ඩ වශයෙන් පොල්කටු හා ලී
කෑලි මගින් අවශ්‍ය හඬ උත්පාදනය කොට ගනිති. විශේෂයෙන් බොහෝ දෙනා
සිංහල භාෂාව කථා කරන අතර දෙමළ හා කාපිරි භාෂාව කථා කරන සුළු
පිරිසක්‌ද සිටිති. මේ ආකාරයෙන් භාෂා හතරක් කතා කරනු ලැබුවද
ලිවීම සිදු කරනු ලබන්නේ සිංහල භාෂාවෙනි. පැරණි කාපිරි ජන සමාජය
ව්‍යවහාර කරනු ලැබුවේ ඉන්දු පෘතුගීසි භාෂාව බවට සාධක සොයාගෙන
තිබේ.
කාපිරි ජනකොටස විනෝදකාමී ජන චර්යාවකට බොහෝ අලුම්කමක් දක්‌වන
අතර ගීත ගායනා කරමින් අපූරුවට රංගනයේ යෙදෙති. එවැනි ආකාර
ගීතයක්....
සිංහල නෝනා
එයූ කරේනසා
පොරතාන්තරේ පුර්තාන්තරේ පියානමස්‌දා
පියා නමන්දා
පියා නමස්‌දා.
මෙය පෘතුගීසි තරුණයෙක් සිංහල තරුණියකට විවාහය සඳහා ආරාධනා කරන
ආකාරයක් ගැන්වේ.
අද වනවිට සිරම්බිඅඩියේ ජීවත්වන කාපිරි ජනකොටස සඳහා සමාජ සේවා
අමාත්‍යාංශය මගින් නිවාස දාහතරක් (14) තනාදී ඇති අතර පෙර තිබූ
සමාජ පතුලෙන් ඉදිරියට යැමට උදව් උපකාරද ලැබී ඇත.
එසේනම් නවීන සමාජ රටාව සමඟ කාපිරි ජන සමාජ රටාව මුසුවීම හරහා
ජන අනන්‍යතාවය අද වනවිට ටික ටික අඩුවෙමින් පවතී. සමාජය හමුවේ
මේ මොහොත වනවිට ප්‍රශ්නයක් පවතී. මහා සංස්‌කෘතිය මගින් උප
සංස්‌කෘතිය ගිල ගන්නා අතර උප සංස්‌කෘතියේ සංස්‌කෘති අංග
වටිනාකම කෙසේ පවතින්නේද? යන ගැටලුව එම ප්‍රශ්නයයි.
ඡායාරූප සටහන අරුණ පලොල්පිටිය තිහගොඩ
|
|
|
|